IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


පාසලට දරුවන් ඇතුළු කර නොගත්තැයි මව්පියෝ මාරාන්තික උපවාසයක් අරඹති

 (අනීෂා මානගේ) 


වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා දරුවන් 33දෙනෙකු ඇතුළු කරනොගැනීමට විරෝධය දක්වා  මාපියෝ පිරිසක් අද(17) වීරකැටිය රාජපක්ෂ මහවිද්‍යාලය අසළදී පොල් ගසා මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.‍ෙ

මාපියෝ පස් දෙනෙක් මෙලෙස මාරාන්තික උපවාසය සඳහා සහභාගී වී සිටිති. 

වීරකැටිය නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා එම විද්‍යාලයට ආසන්නව පදිංචිව සිටින දරුවන් තිස්තුන්දෙනෙක් ඇතුළු කරනොගැනීමට විරෝධය දක්වමින් වීරකැටිය රාජපක්ෂ මහ විද්‍යාලය අසළ ප්‍රධාන මාර්ගයේදී මෙලෙස මාපියන් පිරිසක් පොල් ගසා මාරාන්තික උපවාසය ආරම්භ කළහ.

පාසලට ඇතුළු කර නොගත්තේ යැයි කියන දරුවන් 33දෙනා අතරින් 10දෙනෙකු පාසල් ඇඳුමින් සැරසී උපවාසය ආරම්භ කළ ස්ථානයේ රැඳී සිටි අතර දරුවන්ගේ මාපියෝ ප්‍රධාන මාර්ගයේදී දරුවන් පිළිගෙන පසුව ආගමික වතාවත් වල නිරත වුහ.

ඉන් අනතුරුව පොල් ගසා විද්‍යාලයේ විදුහල්පතිවරයාට සිය විරෝධය  දැක්වු අතර  විද්‍යාලයට ගමන්කරන මාර්ගයේ කළු කොඩි වැල් දමා ඇති ආකාරයද දක්නට ලැබිණි.


වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේ උත්සවය අද(17) දිනට යෙදී තිබිණි.


විද්‍යාලය ආසන්නයේ පදිංචිව සිටියද දරුවන්ට ස්ථීර පදිංචිය නොමැති බව කියමින් විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් අසාධාරණ ලෙස තම දරුවන් පාසලට ඇතුළු කර නොගන්නා බව මාපියෝ පවසති.


මෙම දරුවන් 33දෙනා පාසලට ඇතුළු කරනොගැනීමට විරෝධය දක්වමින් එම දරුවන්ගේ මාපියෝ ඉකුත් 14 දින වීරකැටිය - තංගල්ල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූහ .


වලස්මුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න උපාලි වීරසේකර මහතා එදින  විරෝධතාකරුවන් සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව විරෝධතාකරුවෝ විරෝධතාවය අවසන් කර විසිර ගියහ.


තම දරුවන් පාසලට ඇතුළු කරගන්නා තෙක් මෙම සටන අත්නොහරින බව මාපියෝ පවසති.



අදහස් (0)

පාසලට දරුවන් ඇතුළු කර නොගත්තැයි මව්පියෝ මාරාන්තික උපවාසයක් අරඹති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32024 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14478 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11231 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 30 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 289 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1233 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site