IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාසල් ළමුන් රැගත් බසය පෙරළී 13ක් රෝහලේ

(රුවන් පතිරණ )

පාසල් ශිෂ්‍යාවන් 26 දෙනෙකු හා දෙමාපියන් පිරිසක් ගමන් ගත් බස් රථයක්  අද (09) වරකාපොල නගරයේ ඇති අනාරක්ෂිත ඇලකට පෙරළීමෙන් පාසල් ශිෂ්‍යාවන් ඇතුළුව 13 දෙනෙකු තුවාල ලබා වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කළ බව වරකාපොල පොලිසිය පවසයි .

මාලඹේ රාහුල බාලිකා විද්‍යාලයේ බාල දක්ෂිකාවන් 26 දෙනෙකු හා දෙමාපියන් 11දෙනෙකු  රන්ටැඹේ බාල දක්ෂ පුහුණු කඳවුර බලා පිටත්ව යමින් සිටියදී  වරකාපොල තැපැල් කන්තෝරුව ඉදිරිපිට වංගුවත් සමග ඇති අනාරක්ෂිත ඇළට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබිණ .

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් ශිෂ්‍යාවන් ඇතුළුව දහතුන් දෙනකු තුවාල ලබා ඇති බවත් ඔවුන්ගෙන් ශිෂ්‍යාවන් දෙදෙනෙකුගේ හැර අන් අයගේ තත්ත්වය බරපතළ නොවන බවත්  රෝහල් ආරංචි මාර්ග පවසයි . සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (1)

පාසල් ළමුන් රැගත් බසය පෙරළී 13ක් රෝහලේ

Che Sunday, 09 June 2024 09:40 PM

මෙම ස්ථානයේ නිතරම අනතුරු සිදු වුවත්,අනතුරු වැලක්වීම සඳහා,පොලිසිය,මාර්ග සංවර්ධන අධිකාරිය හො ප්‍රාදේශීය සභාව නිසි ක්‍රියා මාර්ග ගෙන නොමැත ,මාර්ග බාධකයක් හෝ අඩුම තරමෙ දැනුවත් කිරීමේ බෝඩ් එකක්වත් නොමැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site