(තිලකරත්න දිසානායක)

ගනේමුල්ලේ පාසලක සිසුවකුට තවත් සිසුන් පිරිසක්  පහරදීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත.

පහර කෑමට ලක්වූ සිසුවා 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර අද පාසල නිමවී නිවස බලා යමින් සිටියදී තවත් සිසුන් පිරිසක් මෙලෙස පහරදීම සිදු කොට ඇති බවත් හෙල්මටයකින් පහරදීමෙන් නළල සහ හිසට තුවාලවී ඇති බවත් පහර කෑමට ලක්වූ සිසුවාගේ පියා පැවසීය.

මෙම පහරදීම සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසියට පැමිණිලි කළ බව හෙතෙම සඳහන් කළ අතර කුමන හේතුවක් නිසා පහරදීම සිදු කළේදැයි යන්න නොදන්නා බවත් දරුවා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රාථමික ප්‍රතිකාර අංශයට ඇතුලත් කළ බවත් පැවසීය.