
(එම්.කේ.නන්දසේන)
හපුතලේ ප්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පැමිණි කණ්ඩායමක් සෙල්ලකතරගම මැණික් ගඟේ පාලම අසල දිය නාමින් සිටියදී අද (28 ) එක් තරුණයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි කතරගම පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ, දඹෙිතැන්න, බණ්ඩාර එළියවත්ත ලිපිනයේ පදිංචි මෝගන් රාජ් සරන් නැමති 16 හැවිරිදි තරුණයෙකි.
හපුතලේ දෙමළ මහා විද්‍යාලයේ 11 වසර ඉගෙනුම හදාරන බවත්, මෙම වසරේ අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වීමට සූදානමින් සිටි අයෙකු බවත්, තරුණයාගේ පියා වන මෝගන් රාජ් 45 නැමැති අය පැවසීය.
සෙල්ල කතරගමට පැමිණ දේවාලයේ පූජාවන් තැබීමට පෙර දිය නාමින් සිටියදී පුතා දක්නට නොවුයෙන් කණ්ඩායමෙි සිටි අනෙකුත් අයද සමග දියයට කිමිදී ගල් වලක තිබී සොයාගෙන රෝහල වෙත ගෙන එන විටදී මියගොස් ඇති බව වෛද්‍යවරුන් පැවසුවේ යයි මෝගන් රාජ් නැමැති අය වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd