
(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අවිස්සාවේල්ල නුගදණ්ඩ නාච්චිමල ඇලෙහි ගෝනවල නමැති දිය වළක මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගිය 17 හැවිරිදි වොලිබෝල් ශූරයෙකු වන පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කහතුඩුව, පොල්ගස්ඕවිට පාලගම පදිංචිව සිටි හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ දොළොස්වන වසරේ ඉගෙනුම ලැබූ සහ විද්‍යාලීය වොලිබෝල් කණ්ඩායමේ පන්දු ඔසවන්නා ලෙස කටයුතු කළ ජේ. ඒ. ඩි. සෙව්මින නමැති සිසුවෙකි.
මියගිය සිසුවා තවත් මිතුරන් දස දෙනෙකු සමගින් කැබ් රථයකින් අදාල දිය වලෙහි දිය නෑමට ගොස් ඇති අතර ඒ අතුරින් මියගිය සිසුවා සහ තවත් මිතුරෙකු එක්වරම දිය වලට පැනීමේදී දෙදෙනාම දිය යටට ගොස් නොපෙනී ගොස් ඇති බවත් සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩකම නිසා මේ රටේ මැරෙන අය අතරේ නෑමට ගිහින් මැරෙන අය අංක එක ගන්නවාට කිසිම සැකයක් නෑ. හැමදාම දියේ ගිලී මැරෙන අය ගැන අහනවා දකිනවා. එහෙම අහද්දී දකිද්දීත් වතුරට පනිනවානේ හැබෑටම. මොකද නාන්න එච්චරම හිඟද? නෑ, ආතල් එක වැඩියිලුනේ එහෙම ගඟේ මූදේ වැවේ ඇලේ දොලේ නාද්දී. නොදරුවෝ නම් මහ මිනිස්සුන්ගේ වරදින් කියන්න පුළුවන්. ඒත් යමක් කමක් තේරෙන අයත් කියන දෙයක් අහන්නේ නෑ නොවැ. අපොයි මෙහෙමත් ජාතියක්!