පාසල් විවේක කාලයේදී ක්‍රීඩාපිටියේ සෙල්ලම් කරමින් සිටි 12 හැවිරිදි සිසුවකු බිම වැටී හිස ගලක වැදීමෙන් මාවතගම රෝහලට ඊයේ (24) ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මාවතගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මාවතගම නගරයේ ඩී.බී. වික්‍රමසිංහ විදුහලේ 07 වසරේ ඉගෙනුම ලැබූ හිඳගොල්ල වැවගෙදර පදිංචිව සිටි හසිත දෙව්මිත් (12) නමැති සිසුවකු බව ද පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධව පොලිසිය දැනට කළ පරීක්ෂණ අනුව මෙම සිසුවා විවේක කාලයේ පාසලේ ක්‍රීඩාපිටියේ ඊයේ (24) සෙල්ලම් කරමින් සිටියදී බිම වැටී ඇති බවත් විදුහලේ ආරක්ෂක කැමරා පද්ධතිය පරික්ෂා කිරීමේදී හෙළි වී ඇති බවත් සිසුවාගේ නළල පෙදෙසෙහි තැළුම් තුවාල තිබුණ බවත් මාවතගම රෝහලට ඇතුළත් කර ටික වේලාවකදී සිසුවා මියගිය බවත් පොලිසිය කියයි.
සිසුවාගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක, සහකාර පොලිස් අධිකාරි ෂෂෂ නිශාන්ත හේරත්, මාවතගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක දසනායක හා උපපොලිස් පරීක්ෂක කරුණාදේව මහත්වරුන් ඇතුළු නිලධාරීහු මරණය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මල් කැකුලු කාලයේ මිලින වී යනවා හරිම දුකයි. පුතාට ඉපදෙන කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් සිදුනොවේවා... අජරජමර නිවන් සම්පත්තිය ලැබේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරමි...