(සුජිත් හේවාජුලිගේ)
රටේ ළමයින් 100ට වඩා අඩුවෙන් සිටින පාසල් පළමුවෙන්ම විවෘත කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලා කඩිනමින් නිර්දේශ ලබාදීම සඳහා අධ්‍යාපන නිධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (10) පත්කරනු ලැබීය.
ජනාධිපතිවරයා මෙම කමිටුව පත්කළේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී අධ්‍යාපන බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.
පාසල් නොපැවැත්වීමෙන් ලක්ෂ 7කට ආසන්න දරුවන් පිරිසකට ප්‍රාථමික අධ්‍යාපනයත් එවැනිම දරුවන් සංඛ්‍යාවකට පූර්ව ළමාවිය අධ්‍යාපනයත් අහිමිවමෙන් සිදුවී ඇති බලපෑම මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.
සිසුන් 100ට වඩා අඩුවෙන් සිටින පාසල් 3000කට අධික සංඛ්‍යාවක් තිබෙන බව මෙහිදී හෙළිවූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණ.
මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන්වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල බන්දුල ගුණවර්ධන ,ඩලස් අලහප්පෙරුම පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන රමේෂ් පතිරණ සහ නාමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සිසිර ජයකොඩි ,මහාචාර්ය චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර දෙකකට අසන්න කාලයක් කිසිඳු වාර විභාගයකට මුහුණ නොදුන් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම සැබවින්ම කොතැනක ඇත්ද? මෙම දරුවන්ගෙන් කොතෙක් ප්‍රමාණයක් තම ශ්‍රේණියට අදාල දැනුම නොමැතිව ඊළඟ ශ්‍රේණියට රැගෙන යනවාද? මෙම දත්ත ලබන්නේ අපොස සා.පෙ. හෝ උ.පෙළ. හරහාද? ප්‍රමුඛතා අතර පාසැල ආරම්භ කිරීම පැහැදිලිවම ඉදිරියටම ආ යුතුයි. එතෙක් වඩාත් වගකීම් සහගතව ක්‍රමවත් අධීක්ෂණයක් යටතේ මාර්ගගත අධ්‍යාපනය ක්‍රියාත්මක වියයුතුයි. පන්තියක සිටින සිසුන් ප්‍රමාණයට(40ක් පමණ) වඩා ඔබ්බට ගොස් මුළු ශ්‍රේණියම(200 හෝ වැඩි) සම්බන්ධ වෙමින් කරන කඩිනම් විෂය නිර්දේශ ආවරණය දරුවන්ට ග්‍රහණය කරගැනීමට නොහැකිය. ගුරුවරයාට දරුවා පිලිබඳ කිසිදු තක්සේරුවක් කිරීමට කිසිදු අවස්ථාවක් නැත. අප දැනටමත් ප්‍රමාදයි... නිද්‍රාශීලීව සිටීමෙන් මේ පිළිබඳ ඉක්මන් වැඩ පිළිවෙලක් ගොඩනැගෙන්නේ නැත. ඉක්මන් පියවර නොගත්තොත් වසර 10කින් පමණ රටේ අනාගත වගකීම් බාරගැනීමට තරම් දැනුමැති පරපුරක් අපට අහිමිවනු ඇත. එම වරද නිවැරැදි කිරීම ආර්ථික ගැටළු විසඳීමට වඩා බොහෝ අපහසු, කල් ගතවන අති විශාල ගැටළුවක් වේවි...!
අවුරුදු 1 1/2 කට පස්සේද පාසල් මතක් වුණේ...?
අනිවාර්යයෙන් ප්‍රථමයෙන් අඩු ළමයින් සහිත පාසල් හැකි ඉක්මණින් ආරම්භ කර ඔවුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය සුරකින්න. අනෙකුත් පාසල්වලට දරුවන් කැඳවන තෙක් ගුරුවරුන් පාසලට කොටස් වශයෙන් කැඳවා හෝ එම පාසල්වල ඇති සම්පත් (පරිගණක විද්‍යාගාර, අන්තර්ජාල පහසුකම් වැනි) යොදාගනිමින් ක්‍රමවත් නියමනයකින් මාර්ගගත අධ්‍යාපනය ස්ථාපිත කරන්න. හැකිතරම් පන්ති කාමරයට සමීප ගුරුවරයාට දරුවා අධීක්ෂණය කළහැකි තරමේ සිසුන් සංඛ්‍යාවක් යොදාගනිමින් මාර්ගගත අධ්‍යාපනය ගුණාත්මක අතින් වර්ධනය කරන්න. නිසි ලෙස වගකීම් පවරා තිබුනේ නම් දින 50ක් පසුකරමින් මෙතරම් දීර්ඝ කාලීන වර්ජනයක් ක්‍රියාත්මක නොවනු ඇත. සමහර ගුරුවරු මාර්ගගත අධ්‍යාපනය නිසා පුළුල් වූ සමාජ මාධ්‍ය දැනුම වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිර්ලජ්‍ය ලෙස යොදාගෙන ඇත. පාලනයක් නැති, විනයක් නැති සේවකයින් සඳහා බුද්ධිමත්ව පාලනයක්, නියාමනයක් ස්ථාපිත කරන්න...
ඔය කමිටුවට දාන්න... පාස්කු ප්‍රහාරයේ දඬුවම් දිය යුත්තේ කාටද කියලා තීරණය කරන්න දාපු සෙට් එකම...
ඔව් ඉක්මනින් පාසල් පටන් ගත්තාම ස්ට්‍රයික් එකටත් උත්තර ලැබෙනව. ඔය චණ්ඩි ටිකේ හුලං බහිනවා .
ඔය කියන ළමයි 100ට අඩු පාසැල් වල ගොඩනැගිලි වල ළමයි 100 කට ඉන්න තරම් වත් ඉඩ කඩ තියනවද කියලා බැලුවද ?
ජනතාව බලන් ඉන්නේ මොකද්ද පාසැල් වලට කරන්නේ කියලා .ළමයි 100 ට අඩු පාසැල් කියන්නේ දුෂ්කර ගම් බද පාසැල් .ඒවාගේ ඔන්ලයින් නැති හින්දා පළමුවෙන් විවෘර්ත කරන්න .අනිත් පාසැල් වලින් ඔන්ලයින් කම්පැනි හොඳට හම්බකරගන්න .පාසැල් වහලා තියන්න