
(යොහාන් භාසුර)
ලබන වසරේ (2026) සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමට පාසල් වාරය සාමන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
2026 වර්ෂය ආරම්භයේ සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාග සැලැස්ම පෙර පැවති පරිදි සාමාන්‍ය තත්වයට පත් කර ගැනීමට හැකියාව පවතින බවත් ඇය පැවසුවාය.
එමෙන්ම 2020 වර්ෂය සිට ඇති වූ කෝවිඩ් 19 තත්වය, 2021 2022 තුළ ඇතිවුණු ආර්ථික අර්බුදය, සමාජ අර්බුද සහ ඉන්ධන හිඟය සමග ඇති වූ ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් පාසල් වර්ෂ අදාළ වර්ෂ ඉක්මවා තිබුණත් 2025 පාසල් වර්ෂය සඳහා දින 181 ක විෂය නිර්දේශ ආවරණයට ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින් මෙම වසරේ දෙසැම්බර් මාසයේදීම පාසල් කාලය අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් ඇය වැඩි දුරටත් පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ අවුරුද්දේ කරන්න බැරි? ඒ කියන්නේ ඔබට කුමක් කළ යුතුද යන්න පිළිබඳ අදහසක් නැත (අපොහොසත්) ශ්‍රී ලාංකික සිසුන්ට වාසනාව!
හරියට එයා කළා වගේ...