(අංජුල මහික වීරරත්න)

පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහන 2025 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ වන විට සියලුම රජයේ පාසල් වල 1-5 ශ්‍රේණිවල සිසුන්, ශිෂ්‍ය සංඛ්‍යාව 100 ට අඩු පාසල් වල සියලුම සිසුන්, විශේෂ අධ්‍යාපන ඒකක හෝ පාසල්වල සිසුන් සහ තෝරාගත් පිරිවෙන්වල ගිහි සිසුන් ඇතුළු සමස්ත සිසුන් මිලියන 1.4ක් ආවරණය වන පරිදි දිවයිනේ අධ්‍යාපන කලාප 100 ට අයත් පාසල් 8,956ක " පාසල් ආහාර වැඩසටහන " ක්‍රියාත්මක කරනු ලබයි. 

එම වැඩසටහන වඩාත් සැලසුම් සහගතව 2025 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත්, වාර්ෂිකව මුළු ශිෂ්‍ය සංඛ්‍යාව මිලියන 1.5 ක උපරිමයට යටත්ව ප්‍රතිලාභ සලසා දීමට හැකි වන පරිදි අයවැය ප්‍රතිපාදන සලසා ගැනීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙ අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.