IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාසල් පොත් වැඩි මිලට වික්කොත් වැඩ වරදී

(මහින්ද නිශ්ශංක)

පාසල් අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ .

ඒ අනුව පාසල් අභ්‍යාස පොත් ඇතුළු උපකරණ වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා දැනට දීප ව්‍යාප්ත වැටලීම් ආරම්භ කර ඇතැයි එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් පැවසීය .

විශේෂයෙන් පාසල් අභ්‍යාස පොත්වල සඳහන් මිල වෙනස් නොකරන ලෙසත් එම ඉල්ලීම නොතකා පාසල් අභ්‍යාස පොත් ඇතුළු උපකරණ වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ට විරුද්ධව ඒ ඒ අධිකරණ වල නඩු පවරන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය .

මේ අතර පාසල් අභ්‍යාස පොත් නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් කීපදෙනකු දැනටමත් බදුල්ල ප්‍රදේශයෙන් අල්ලාගෙන ඔහුට විරුද්ධව නඩු පවරා ඇති බවද එම නිලධාරියා කීය.

විශේෂයෙන් පාසල් අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ අධික මිලට අලෙවි කරන බවට මව්පියන්ගෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවත් ඒ පිළිබඳව අවධානය යොමු කොට මෙම වැටලීම සිදුකරන බවත් අධිකාරිය පවසයි .

 



අදහස් (3)

පාසල් පොත් වැඩි මිලට වික්කොත් වැඩ වරදී

lankaputha Wednesday, 14 December 2022 03:12 PM

නිවැරදි සංශෝධිත මිල කීයද? කොහෙන්ද ඒක මට බලන්න පුළුවන්..?

:       1       10

දිමුත් Wednesday, 14 December 2022 03:27 PM

"නියමිත මිල" තමයි මහත්තයෝ අපිට අධික වෙලා තියෙන්නේ... ඒ නියමිත මිල අඩුකරලා දෙන්න...

:       0       15

තාරක Wednesday, 14 December 2022 04:33 PM

ඒ කියන්නේ දැන් දෙන්නෙ අඩුවට කියලද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site