(මහින්ද නිශ්ශංක)
පාසල් අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ .
ඒ අනුව පාසල් අභ්‍යාස පොත් ඇතුළු උපකරණ වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා දැනට දීප ව්‍යාප්ත වැටලීම් ආරම්භ කර ඇතැයි එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් පැවසීය .
විශේෂයෙන් පාසල් අභ්‍යාස පොත්වල සඳහන් මිල වෙනස් නොකරන ලෙසත් එම ඉල්ලීම නොතකා පාසල් අභ්‍යාස පොත් ඇතුළු උපකරණ වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ට විරුද්ධව ඒ ඒ අධිකරණ වල නඩු පවරන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය .
මේ අතර පාසල් අභ්‍යාස පොත් නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් කීපදෙනකු දැනටමත් බදුල්ල ප්‍රදේශයෙන් අල්ලාගෙන ඔහුට විරුද්ධව නඩු පවරා ඇති බවද එම නිලධාරියා කීය.
විශේෂයෙන් පාසල් අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ අධික මිලට අලෙවි කරන බවට මව්පියන්ගෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවත් ඒ පිළිබඳව අවධානය යොමු කොට මෙම වැටලීම සිදුකරන බවත් අධිකාරිය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවැරදි සංශෝධිත මිල කීයද? කොහෙන්ද ඒක මට බලන්න පුළුවන්..?
"නියමිත මිල" තමයි මහත්තයෝ අපිට අධික වෙලා තියෙන්නේ... ඒ නියමිත මිල අඩුකරලා දෙන්න...
ඒ කියන්නේ දැන් දෙන්නෙ අඩුවට කියලද?