(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටේ වතුර නැති පාසල් දහසකට වඩා සහ වැසිකිලි නැති පාසල් 1800 කට වඩා තිබෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
අයවැය ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ එකක් නොවන බව කී වික්‍රමරත්න මහතා ලොකු හෝටල් වල පාටි දැමුවා කියා හෝ ඇමති පැටුවන් බිහි කළා කියලා ආර්ථිකය ගොඩනඟන්න නොහැකි බවද සඳහන් කළේය.
මෙි අයවැය ඉදිරිපත් කළේ ජනතාව වෙනුවෙන් ද? තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ද? යන ප්‍රශ්නය පැන නගින බව ද එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
මුදල් ,ආර්ථිකය ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය ට සහභාගී වෙමින් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
ඇවුරුදු පහක් අැමතිකෙනෙක්වෙලා හිටියා නේද?
ඔබතුමා මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරය දරපු කාලෙ ඔය පාසල් තිබුනෙ නැතිද? ඇයි ඒ කාලෙ නිහඬව හිටියෙ.
තමන්ගේ ආණ්ඩුව තිබුණ කාලෙ එහෙම අඩු පාඩුවක් ඇති පාසල් තිබුණේ නැහැ නේද . කාටද හලෝ මේව කියන්නේ .
අපේ ආදි ශිෂ්‍ය සංගමයෙන් 2018 ජනවාරියෙ පුත්තලමෙ ගමකට ගියා. එහෙ පාසලට බොන්න වතුර නෑ.. අපි මාස ගානක් සල්ලි දුන්න බොන්න වතුර ගන්න.. මුන් දෙගොල්ලොම රටෙ ප්‍රශ්න දකින්නෙ පුප බිම ඇනිලා විපක්ශෙ වාඩි වෙන්න වුනාම.. ආණ්ඩු පක්ශෙ ඉන්නකොට එහෙම දෙයක් දැක්කෙත් නෑ දන්නෙත් නෑ.. පුදුම පාදඩයො ටිකක් තෝරගෙන තියෙන්නෙ අපරාදෙ කියන්න බෑ ඉතින්.. එක වල්ලෙ පොල් කෝ..
බලයක් නැතිව මුල්ලකට වෙලා ඉන්නකොට තමයි දරුවන්ගෙ කක්කුස්සි ගැන පවා හිතන්නෙ නේද ? පාලනය තිබුනු කාලෙ මේවා පෙනුනෙ නැද්ද ?
මෙතුමල බලයේ සිටි කාලයේදී සංවර්දන අරමුදලෙන් රටේ වතුර නැති සහ වැසිකිලි නැති පාසැල් සදහා මුදල් ලබා ගත්ත වගේ මතකයි .