
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාසල් දරුවන්ට වෙනදාට වඩා ආහාර නොලැබෙන තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පිළිගත්තේය.
පාසල් දරුවන් ලක්ෂ 11කට දිවා ආහාරය ලබා දීමට කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
දැනට ළමයින් කොටසකට දිවා ආහාරය ලබා දෙන බවත් අරමුදලක් පිහිටුවා එය දෙගුණයක් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දැන් ක්‍රමයෙන් සත්‍යයට ළඟාවෙමින් සිටිනවා. ඇත්ත තත්වය ඔයිට වඩා කටුකයි.
පාසල් දරුවන්ට වෙනදාමෙන් ආහාර නැති වුණාට වෙනදාට වැඩියෙන් සතුටින් ඉන්න බවත් පිළිගන්නවා...!
ඇමතිතුමෝ පුළුවන් නම් දරුවන්ගේ වටිනා කාලය නාස්ති කරන නාවල තියෙන විශ්ව විද්‍යාලය වසා දමන්න. මම කියන්නේ අනෙක් විශ්ව විද්‍යාලවල දොස්තර කෙනෙක් වෙන්න, ඉංජිනේරු කෙනෙක් වෙන්න යන්නේ අවුරුදු 05ක් පමණක් වුණත් නාවල විශ්ව විද්‍යාලයේ සාමාන්‍ය උපාධිය ගන්න අවුරුදු 07ක් විතර යනවා. ඒකට එහි විභාග පැවැත්වීම වසරේ එක්වරක් පමණක් කිරීම හේතුවක් වෙනවා. තවත් හේතු තියෙනවා පසුව කියන්නම්...!
හැබයි දැනට මාස දෙකක් වෙලා ඇති, මෙයා මේ සභාවේදී පොරොන්දු වුණා.. හිඟාකාලා හරි පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දෙනවයි කියලා... එදා ඒ වැඩේ පටන්ගත්තා නම්... අද අර්බුද මතුවෙන්නේ නැහැ. මෙයා සතිපතා යන්න දෙල්ගොඩ පොළ ගිහින් බාල්දියක් තියාගෙන වාඩි වුණා නම් හොඳයි. නැත්නම්, කරන්න බැරි දේවල් කියන්න එපා...