
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ සමස්ත පාසල් දරුවන් ආහාර ප්‍රශ්නයකට මුහුණ දෙන සිටින හෙයින් ඔවුනට දිවා ආහාර වේලක් නොපමාව ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ආණ්ඩුව රජයේ වියදම් වැඩි කර ඇති හෙයින් ඉන් මුදල් යොදාගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
සභාවේ කටයුතු ආරම්භයේ දී ප්‍රකාශයක් කරමින් ඔහු මෙම ඉල්ලීම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකට ඇති සුබවාදී කතාවක් කිව්වාමද කොහේද?
ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් වල නිර්දේශේට අනුව දවල් කෑමට උස ළමයින්ට මුරුංගත්, මිටි ළමයින්ට වට්ටක්කත් දිය යුතුයි.
අපි පාසල් යන කාලයේ සමාජ සම්මතය තිබුනේ කෙනෙක් විවාහ වී දරුවන් බිහිකලයුත්තේ පවුලක් නඩත්තු කිරීමේ හැකියාව තිබෙනවා නම් පමණයි.නමුත් පොරොන්දු දේශපාලනය පැමිණියාට පසු ජනතාවට බොරු පොරොන්දු දෙමින් සෑම දෙයක්ම පාහේ රජයෙන් නොමිලේ බලාපොරොත්තු වනා තැනට ජනතාව පත්කලා.වැඩ කරන්න තමන් බලය මදියි කියා දේශපාලකයින්ගේ බලතල වැඩි කරගත්තා .ගැහැණු ළමයි පාසල් පැමිණියේ අද වගේම කොට ගවුම් ඇඳගෙන .පෑඩ් ගැන කතාවක් තිබුනෙම නැහැ .හොඳම පාසල පැමිණීමට බොහෝ අවස්ථාවල ගැහැණු ළමයි මුල් තැන ගත්තා
විපක්ෂනායක තුමනි, දිවා ආහාරය නොව උදේ ආහාරයයි වඩාත්ම වැදගත්. ළමුන්ගේ පැමිණීමත් වැඩිවෙයි. බඩගින්න නිවාගෙන හොඳට පාඩම් කරලා ගෙදර යාවි...
අපි ඉස්කෝලෙ ගිය කාලේ ලැබුණේ බිස්කට් දෙකයි, ටින්කිරි කෝප්පයයි.