(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාසල් පොත්පත් හා උපකරණවල මිල අහස උසට ගොස් ඇති හෙයින් එම භාණ්ඩ පහසුවෙන් ලබා  ගැනීමට වැඩපිළිවෙළක් අරඹන්නයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

මේ තත්ත්වය නිසා දරුවන් අසරණ වී සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය