(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දරුවන් තුළ තුළ පළමු වසරේ සිට ඉංග්‍රීසි කථන හැකියාව ශක්තිමත් කිරීමට ලබන වසරේ සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ඒ අනුව සියලු පළාත් නියෝජනය වන පරිදි රජයේ පාසල් වල පළමු සහ දෙවැනි ශ්‍රේණි නියෝජනය කරන ගුරුවර ගුරුවරියන් ආසන්න වශයෙන් 13,500 ක් එළඹෙන නොවැම්බර් 18 සහ 19 දෙදින තුළ පුහුණු කරුවන් ලෙස ජාතික අධ්‍යාපන ආයතනය විසින් පුහුණු පුහුණු කරනු ලැබීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමයි ගොන් පාට් කියන්නේ, දවස් දෙකක පුහුණුවකින් දැන් ඉන්න ගුරුවරුන්ගේ කඩ්ඩ පොලිෂ් වෙනවා.?
අවුරුදු 12 ක් ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගෙන ගෙනත් ඉංග්‍රීසි බැහැ. ප්‍රාථමික පන්තිවල ගුරුවරුන්ට පුඑවන් වෙයිද?
ඉංග්‍රීසියෙන් මට බඩගිනියි කියන්නේ කොහොමද සර්...?
ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව කරන්න මුලින්ම, ඉන්පස්සේ මොන්ටිසෝරිවලට බඳවාගන්න ටීචර්ස්ලාට අනිවාර්යයෙන් ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් අයව විතරක් ගන්න. මේ ක්‍රමය අවුරුදු 10ක් විතර කරන්න පුළුවන් වුණොත්... මේ වැඩේ හරි යයි. විෂය කරුණුවලට වඩා වැදගත් වන්නේ ඉංග්‍රීසි කතාකරන්න පුළුවන්ද කියන එක...
මම 3 වසරේ සිට ඉංග්‍රීසි ඉගෙනගෙන සා.පෙළට සම්මානයක් ගත්තා. ඉංග්‍රිසියෙන් කියන දේවල් තේරුණත්, ඒකට දන්න විදිහට උත්තර දෙන්න බැරි තත්ත්වයක් තිබුණා. පස්සේ spoken English පන්තියකට ගිහින් ඒක හදාගත්තා. ඕනම භාෂාවක් හරියට භාවිතා කරන්න ව්‍යාකරණ ඕන වුණත් එය ඉගෙනීමට බොහෝ දෙනෙක් දක්වන්නේ අකමැත්තක්. ඒ නිසා ඉංග්‍රීසි ඉගැන්වීමේදී spoken english ගැනත් අවධානය යොමු කිරීම සුදුසුයි. ගතානුගතික ඉගැන්වීම් ක්‍රමවලින් මිදිලා, හොඳට උගන්වනවා කියලා මේ රටේ ජනප්‍රියවෙලා ඉන්න ඉංග්‍රීසි ගුරුවරුන් අනුගමනය කරන ක්‍රම ගැනත් අධ්‍යයනය කරලා සුදුසු විදිහකට ඒවා උපයෝගී කර ගැනීමත් සුදුසුයි...!
ලොව භාෂාවල් කොපමණ තිබුණද, කටින් කියන දෙය අකුරින්ම ලියයිද? අකුරින් ලියන දෙය කටින්ම කියයිද? ඒ සිංහල බසම බව ඔබලා දන්නවාද..?
මේ ඇමැති කියනවා පුහුණු කරුවන් පුහුණු කරන්නේ දවස් 2න් කියලා. මම මේ ඇමැති වගේ වැඩ කළොත්/ කතා කළොත් මගේ පොඩි රස්සාව හෙට ඉඳලා ඉවරයි.
මේක හොඳ දෙයක්. ඒත් දේශපාලකයෝ හැමදාමත් කිව්ව කතාවක්... ඒත් වුණේ නෑ. ඔක්කෝටම කළින් ඉංග්‍රීසි උගන්වන ගුරුවරුන්ගේ කතාව හැදිය යුතුයි. ඉංග්‍රීසි ගුරුවරු බහුතරයකට කතාකරන්න බෑ. මූලිකව ඔවුන් පුහුණුකළ යුතුයි.
දරුවන්ට කඩ්ඩ පොලිෂ් කරන්න රජයේ පාසල්වල කඩ්ඩ පොලිෂ් කරගත්තු ගුරුවරු ඉන්නවද?
මෙයාට ගැලපෙන්නේ 'තෙල් බාලා' තනතුර තමයි. අධ්‍යාපනය හරියන්නේ නෑ.
මොළහතා හිටියානම් කඩ්ඩ පොලිෂ් කරගන්ඩ තිබුනා.
3 නි වසරෙ සිට ඉංග්‍රීසි පාඩම් උගන් වන වේලාවේදී සතියක් පමන නිවසෙදි, මග තොටදි, පාසලදි එදි නෙදා සිදු වීම් සරලව ඉංග්‍රීසි බසින්ම පමනක් විනෝදයක්සේ කතා කරන්න. වසකට වචන10 ක් වත් ඉගෙන ගැනෙයි. පුංචි දරුවන් ඒ වෙනසට හරි කැමතිය. අත් දැකීමෙන් කියන්නෙ.
ඩෙලික් පාඨමාලාව නවතා දැමුවේ කවුද? ඉංග්‍රීශි භාෂාව සහ විදේශ භාෂා සඳහා වෙනම සරසවියක් ආරම්භ කළ යුතුයි. සිංහල ඉංග්‍රීසි දෙකම හොඳින් ඉගෙන ගන්න දරුවන්ට උදව් කරන්න ඕනි.
සක්විත්තා ගේ ඉන්ග්‍රීසි පන්තියට ගියානම් වැඩේ ගොඩ.