(නිමන්ති රණසිංහ)
සිය මෝටර් රියේ නංවාගෙන කොළඹ ප්‍රදේශයේ රථගාල්වලට ගොස් ප්‍රසිද්ධ පාසලක 9 වන ශ්‍රේණීයේ දැරියක බරපතළ ලිංගික අතවරයක් කළැයි බම්බලපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් පෞද්ගලික බැංකු නිලධාරියකු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා අද (08) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කිරුළපන ඇවනිව් කිරුළපන පදිංචි ප්‍රභාත් අනුර නමැති පනස් හැවිරිදි කුරුදුවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක නිලධාරියෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බම්බලිපිටිය පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ 14 වියැති වින්දිත දැරියගේ මව වන කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියකි.
මෙම සැකකරු මාස තුනක පමණ කාලයක සිට මෙම දැරිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්විමින් සිට ඇති අතර, සැකකරුගේ මෝටර් රියෙන් දැරිය රැගෙන ගොස් කොළඹ ප්‍රදේශයේ විවිධ ස්ථානවලදී දැරියට මෙම අතවරය සිදුකර ඇති බව බම්බලිපිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.
COMMENTS
මාස තුනකම ඉඳලා රහසිගතවම වරද පලමුවෙන්ම කලේ 14 හැවිරිදි ගැහැණු ලමයාය...! පාසල ඇරිලා ගෙදර ආව වෙලාවේ ඉඳලා මොබයිල් එකෙන් ඔන්ලයින් කොට-කොට ඉන්න ඇති බැංකු නිලධාරියා එක්ක...! ඇගේ මව කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක් වුනාට මව උගන්වන පාසලේ ලමයිට පෙන්වා කියාදෙන ගුරුකම ගෙදර ලමයටවත් නොකියා දුන්න බව මෙයින් පැහැදිලිවේ...! ඇය ගෙදරින් උගත් දෙයක් නැති බවම සමාජයට මෙය ඔප දමා පෙන්නුවේය..! දැන් 'කොටහලුව' පුදපු හැටි හොයන්න පොළිසියට කියනවා ටීචර් මාන්නය පාසලේ තියාගන්ට..!
මෙ දැරිවියගෙ අම්ම ගුරුවරියක් නම්. . ඇයි තමන්ගෙ දුව ව තෙරුම් ගන්න බැරි වුනෙ? දෙමව්පියන් සහ දරුවන් අතර සම්බන්ධතාවය කොතරම් යහපත් ද කියල තේරුනේ නැද්ද? එක කොච්චර යහපත් බැදීමක් විය යුතුද කියල මෙක කියවපු අයට තෙරෙනවද?