වත්මන් රජයට විරෝධය දක්වමින් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අද (25) අසනිප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලි සිටියි.
බොහෝ පාසල්වල ගුරුවරු ප්‍රධාන නගරවල පිහිටි තැපැල් කාර්යාල වෙත පැමිණ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙත විදුලි පණිවිඩ මගින් අසනිප නිවාඩු වාර්තා කිරීමට කටයුතු කළහ.
ජිවන වියදම ඉහල යාම, ඉන්ධන මිල ඉහල යාම, ගැස් හිගය සහ විදුලි කප්පාදුව හේතුවෙන් ජනතාව විදින පිඩාවට විසදුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් ගුරු-විදුහල්පතිවරු මෙසේ වර්ජනයේ නිරත වෙති.
බොහෝමයක් පාසල්වල ගුරුවරුන් සහ ළමුන්ගේ පැමිණිමේ විශාල අඩුවක් දක්නට ලැබෙන අතර සමහර පාසල් වසාදමා තිබෙන අයුරු දක්නට ලැබේ.
ගුරු-විදුහල්පති වැඩවර්ජනය ගැන නොදත් ඇතැම් දරුවන් පාසල්වෙත පැමිණ නැවත හැරීයන අයුරුද දැකගත හැකිවිය.
පානදුර
(ඡායාරූප: සුමිත් පොතුපිටිය)




හැටන්
(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)




බදුල්ල
(ඡායාරූප: ප්‍රසාද් රුක්මල්)


ගම්පහ
(ඡායාරූප: තිලකරත්න දිසානායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරු හොරුන් බංගවේවා...!
පඩි වැඩි කරපියව් කියා කියා මාස ගාණක් දරුවන් ගෙන් පළිගත්තා. දැන් ආයෙත්... කෙහෙළිය හරි....!
මේ ආණ්ඩුව තොලොංචි වෙලා ගිය දවසට තමයි ලංකාවට සෙත...
මේ අය හැමදාම පිංපඩිනේ ගන්නේ. භංගවේවා නොවෙයි, හැඳිගෑවිලා යන්න කියලා කියන්න.
අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දන්වලා වැඩක් නැහැ නේද? නිවාඩු දැනුම් දෙන්න ඕනෑ විදුහල්පතිට නේද?
බුලත් මඩිස්සලේට හෙන ගැහුවාම කිල්ලොටේ ඉතිරිවෙලා තියෙන්න බැහැ. ඒක නිසා මොන අධ්‍යාපනයද? මේ පාලනය සහ ක්‍රමය වෙනස්කර ඉදිරියට යමු.
මේ කාලකන්නි අයියාටයි මල්ලිටයි වැඩක් නැහැ අධ්‍යාපනය.උන්ට ඕනේ උන්ගේ හැතිකරේ සැප විඳ විඳ ඉන්න විතරයි