IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පාසල් අරින්නේ උපරිම ආරක්ෂාව යටතෙයි-ඇමැති කියයි

(විනීතා එම් ගමගේ)

පාසල් විවෘත කිරීමේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හා කාර්යසාධක බලකායේ නිර්දේශ අනුව ක‍්‍රියා කිරීම ප‍්‍රමාණවත් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප‍්‍රකාශ කළේය.

ඒ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ලැබෙන තුරු සිටිය යුතු නැතැයි ද අමාත්‍යවරයා කීය.

මේ වනවිට අත් පොතක් වශයෙන් පාසල් සදහා උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවත් එය සියලූ පාසල්වලට මේවනවිට යවා ඇති අතර පාසලට ඇතුල් වූ මොහොතේ සිට යලි පාසල අවසන් වී නිවසට යන අවස්ථාව දරුවන්ගේ ආරක්ෂාව තහවුරු වන ලෙස එම උපදෙස් අනුව කටයුතු කළ හැකි බවත් අමාත්‍යවරයා කීය.

රට වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින බවත් මාර්තු 10 වැනිදා පාසල් නිවාඩු දෙන අවස්ථාව වන විට සියලූ දෙනා සිටියේ යම් චකිතයකින් වුවත් පාසල් ආරම්භ කරන බව පවසන මේ අවස්ථාව වනවිට එය පවසන්නේ කිසිදු චකිතයකින් තොරව බවත් අමාත්‍යවරයා පැවසීය.

ඊයේ දිනය වනවිට දින සියයක් තිස්සේ නිවෙස්වල රැදෙන්නට රටේ දරුවන්ට සිදුව තිබු බවත් 43 ලක්ෂයක් වන රජයේ පාසල්වල දරුවන් මෙන්ම ජාත්‍යන්තර පාසල් පෞද්ගලික පාසල් මෙන්ම පිරිවෙන් හා උපකාරක පන්තිවල දරුවන් ද ඇතුළුව ලක්ෂ 50 ක් පමණ වන දරුවන් මෙසේ නිවාස අඩස්සියේ සිටින්නට සිදුවූ බවත් හෙතෙම සදහන් කළේය.

ජනාධිපතිවරයා, ප‍්‍රධානත්වයෙන් විවිධ මට්ටම්වල දේශපාලඥයන් ද, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය පුහුණු අමාත්‍යංශවල නිලධාරින් ද එක්ව කළ දීර්ඝ සාකච්ඡාවලින් ද ජනාධිපති කාර්ය සාධක බළකායේ උපදෙස් හා නිර්දේශ වලින් ද පසු ගනුලැබූ තීරණයක් වශයෙන් පාසල් ආරම්භ කිරීමට තිරණය ගත් බව සදහන් කළේය.

පාසල් යළි පටන් ගැනීමේ දී ප‍්‍රවාහන මාධ්‍ය සමග සාකච්ඡා කළ යුතුව ඇතැයි ද පුද්ගලික බස්රථ ගමනා ගමන මණ්ඩල බස්රථ මෙන්ම පාසල් දරුවන් ප‍්‍රවාහනය කරන වාහන සමග ද සාකච්ඡා කළ යුතුව ඇතැයි අලහප්පෙරුම මහතා කියාසිටියේය.



අදහස් (0)

පාසල් අරින්නේ උපරිම ආරක්ෂාව යටතෙයි-ඇමැති කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14154 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11123 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site