(රංජන් කස්තුරි)
රුපියල් කෝටි 100ක පමණ වියදමකින් පාසල් 1000කට අන්තර්ජාල පහසුකම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලබන අධ්‍යාපනවාරයේදී එම වැඩපිළිවෙළ ආරම්භ කරන බව ද බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන අමාත්‍යවරයා එසේ කීය.
මීට අමතරව රටපුරා දැනට තිබෙන අධ්‍යාපන කලාප 100 කලාප 120 දක්වා වැඩි කරන බව ද අධාපන අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපන කලාප සංඛ්‍යාව ඉහළ නැංවීමෙන් පසුව ගුරුවරුන්ගේ පරිපාලන ගැටළු විසඳා ගැනීම පහසුවෙන් බව ද එහිදී සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ... ඒ ගමන්ම 10000ක් පාසල් 1000ට බැස්සාද? තව අවුරුද්දක් විතර යද්දී 500ක් වත් කරයිද දන්නේ නැහැ. මේවා නිසා පාසල් දරුවන්ට කොච්චර අසාධාරණයක්ද මේ කරන්නේ? මේ 1000 ට දීලා පස්සේ කියයි ‘‘අපි පාසල්වලට අන්තර් ජාල ලබාදුන්නා. දැන් ගුරුවරුන්ට මාර්ගගතව උගන්වන්න පුළුවන්...‘‘ කියලා.
හා... ඇත්තද...! එහෙම නම් අම්මලාට සිරාවටම 'ඔන්ලයින්' පාඩම් කරනවා කියලා පෙන්නලා මුහුණු පොතේ 'ඔන්න-ලයින්' වැඩ හෝ ගාලා පින්තූර දාලාම සිද්ධවෙලා ගෙදර අගේට හිටිය අය විනාශ කරලා කියලා පොලිසියට හිටු ගාලා වාර්තා පෝලිමේ එයි..!
කලාප කාර්යාල වැඩි කළාට පහසු වෙන්නේ නැහැ. ඒවාට කාර්යක්ෂම නිලධාරීන් නැහැ. දැනට ඉන්න අධ්‍යක්ෂවරුන් ඉතා අකාර්යක්ෂමයි. ගුරුවරුන්ගේ ගැටළුවලට විසඳුම් නැහැ. සමහර කාර්යාලවලට ගුරුවරුන්ට යන්නත් තහනම්... හිඟ වැටුප් ගෙවන්නේ හිතවතුන්ට විතරයි. ඒවාට පිළියම් යොදන්න...
එක පාසලකට ලක්ෂයක් වියදම් වෙනවා. මේක පහසු ගෙවීමේ ක්‍රමයට ටෙලිකොම් එකෙන් දෙන්න පුළුවන්නේ. පාසල් සංවර්ධන සමිති හරහා ගන්න කියන්න.
ඕක කලිනුත් දීලා තියෙනවා එකම තැටිය...
ඈත ගම් පලාත්වල පාසල් වලට ඕවා දෙන්න බලාපොරොත්තු වෙනවානම් සිග්නල් හොයාගන්න පුළුවන් වෙන අකාරයේ උස ගස්, උස ගල් පර්වත වගේදේවල් ළඟ පාත තියෙන පාසල් හොයාගන්න. අපි දැක්කනේ පහුගිය කාලේ ගම් පලාත්වල දරුවෝ "ඔන් ලයින්" ඉගෙන ගත්තු අපූරුව.
පාසල්වල බොන්න වතුර නැහැ. වැසිකිළි පහසුකම් නැහැ... ළමයින් පන්තිවල හාමතින් පාසල් ඇවිත් ඔහේ බලාගෙන ඉන්නවා. කාටද? මොනවටද? මොකටද? ඔය බොරු ප්‍රචාර පතුරවන්නේ... රනිල් රාජපක්ෂලාගේ පච පැතිර වීමක්ද?