(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බත්තරමුල්ලේ ඉසුරුපාය කාර්යාලයේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනිමට පැමිණෙන පුද්ගලයින්ට ඒ සඳහා උපකාර කළ හැකි බව පවසමින් රුපියල් දහස් ගණනින් මුදල් බලහත්කාරයෙන්ලබා ගැනීමේ සහ ව්‍යාජ ලේඛන සකස් කිරීමේ නිරතව සිටි බව කියන තැරැව්කරුවන් යැයි පැවසෙන පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ (1) සැකපිට අත්අඩංගුවට ගත්බව තලංගම පොලිසිය පවසයි
ව්‍යාජ ලේඛණ ලේඛණ සකස් කිරීම ඒ සඳහා මුදල් බලහත්කාරයෙන් ලබා ගැනීම සහ අන්සතු විදෙස් ගමන් බලපත්‍ර ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ මොවුන් සිව්දෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය
අත්අඩංගුවට සැකකරුවන් මාලඹේ වත්තල සහ කොළඹ 11 යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් යැයි පොලිසිය පවසයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් තලංගම පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යති
ආගමන විගමන දෙපාර්තමේන්තුව අවට ගැවසෙන තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව තලංගම පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර රට හදනවා කියලා ඇවිත් රටේම සල්ලිවලට විද්ද අය අර යස අපූරුවට ඉන්නේ පොලිස් ආරක්ෂාවත් ඇතිව...!