
(රෝෂන් තුෂාර)
විදේශ ගමන් කළ පත්‍රයක් ලබාදීම සඳහා රුපියල් හය දහසක අල්ලසක් ගත්තේ යැයි කියන කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තැපැල් අංශයේ ලිපිකරු සුභ්‍රමණියම් සම්මුග සුන්දරම් ලබන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (13) නියෝග කළේය.
මීට මාස දෙකකට පෙර සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඉල්ලුම් කළ විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට ගිය අවස්ථාවේදී කාර්යාල නිලධාරීන් විසින් පැමිණිලිකරුව තැපැල් අංශය වෙත යොමු කර ඇති බවත්, එහිදී සැකකාර ලිපිකරුවා විදේශ ගමන් බලපත්‍රයේ තැපැල් නොකර එවේලේම ලබාදීම සඳහා රුපියල් හය දහසක අල්ලසක් ඉල්ලා ඇති බවත් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය හෝ අසාමාන්‍ය විදිහට වත් ගන්න පාස්පෝට් නැහැ. කොහොමද පාස්පෝට් පගාව දුන්නාම ලැබෙන්නේ...? මිනිස්සු පගාව හෝ දීලා පාස්පෝට් එක ගන්න තැනට පෙළඹිලා. පහුගිය ආණ්ඩු දීලා ගියේ කවද්ද?