(යොහාන් භාසුර සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳ වැටීම අද (5) පස්වරු වන විට යථා තත්වයට පත්කළ හැකිවනු ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමේ කටයුත්තක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව කී එම නිලධාරියා පරිගණක පද්ධතිය ඔස්සේ නැවත කටයුතු ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බව ද සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක් කළ බවත් ඔවුන්ට සඳුදා ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා වෙලාවක් ලබාදී පිටත් කළ බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.