
(යොහාන් භාසුර)
විදේශ ගමන් බලපත්‍ර හිඟය සමඟ ඇතිවූ හදිසි අවශ්‍යතා සඳහා ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලුවට ඉතාමත්ම ක්‍රමවත් ආකාරයට විසඳුම් ලැබී ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒ සඳහා පත්කර ඇති කමිටුව ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන බවත් ජනතාව පවසති.
රැකියා, සෞඛ්‍ය, වන්දනා සහ ක්‍රීඩා ඇතුළු වඩාත් සංවේදී අවශ්‍යතා පිළිබඳව අවදානය යොමු කර අයදුම්පත් විශේෂ කමිටුවට යොමු කළ පසු කිසිඳු ප්‍රමාදයකින් තොරව අනුමැතිය දී නියෝජ්‍ය පාලකවරයෙක් වෙත යොමු කරන බවත් ජනතාව සඳහන් කරති.
නියෝජ්‍ය පාලකවරයා එම අයදුම්පත්වලට ප්‍රමාදයකින් තොරව පෞද්ගලිකව අවදානය යොමුකර එක්දින සේවාවටත් කාලය තිබේ නම් අවශ්‍යතාව අනුව දිනයක් දෙන්නේ යැයි පවසන ජනතාව ඉතාමත් ක්‍රමවත්ව විදේශගමන් බලපත්‍ර නිකුත් කිරීම ක්‍රියාත්මක වන බවත්ය.
මාර්ගගත ක්‍රමයට දින වෙන්කිරීමේ ක්‍රමය ද මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන අතර දහසකට අධික සංඛ්‍යාවකගේ අයදුම්පත් දිනකට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් පමණක් භාරගන්නා බවත් රටපුරා සෙසු කාර්යාලවලින් ද දිනකට විශාල අයදුම්පත් සංඛ්‍යාවක් භාරගන්නා බවත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
දිනයක් සහ වේලාවක් වෙන්කරගත් ජනතාව කිසිඳු බාධාවකින් තොරව එක්දින සේවාව නම් එම ක්‍රමයට ද, එසේ නොවේ නම් සාමාන්‍ය ක්‍රමයට ද, විදේශ ගමන් බලපත්‍ර ගන්නා බව කී එම නිලධාරියා මාර්ගගත ක්‍රමය වඩාත් සාර්ථක වී ඇති බව ද කීය.
අදාල නියෝජ්‍ය පාලකවරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ එක්දින සේවාවේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් කාර්යාල දිනවල පෙරවරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා සේවය කරන බවත් එම දෙපාර්තමේන්තුන තුළ දහසක පමණ සේවක හිඟයක් පැවතීම මෙසේ දීගු කාලයක් සේවය කිරීමට හේතුව බවත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ දුක හා අවශ්‍යතාව හඳුනාගෙන දිවා රෑ වෙහෙස මහන්සි නොබලා කැපවීමෙන් කටයුතු කරන නිලධාරීන්ට ප්‍රණාමය පුදකරමි.
රන්ජන් ජයලාල් වරප්‍රසාද දීමනා ඉල්ලන්න ආණ්ඩුව කාගේද මතක් කරන්නට කලින් උද්ඝෝෂණ වලට සේවක සේවිකාවන් උසි ගන්වා විරයින් සේ පුරාජේරු කීමට මාධ්‍ය විරයින් වුවද රැකියාව සඳහා කැපවුණු මෙවැනි රාජ්‍ය සේවකයන් අගය කළ යුතුයි. අතිකාල දීමනා ආදිය ඔවුන් ලබා ගත්තත් මහජන සේවය හරි හැටි ඉටු කරන ඔබට ප්‍රණාමය...!
ආණ්ඩුව කරන දේවල් නිතරම අසුබවාදීව දකින කුහක මිනිසුන් දැන් මොනවා කියාවිද නොදනිමි.
ජයවේවා... සුපිරියි... එම සේවකයින්ට අපගේ ප්‍රණාමය...!
ඔය බොරු, ජනවාරි වල බාර දුන්නා මගේ ඇප්ලිකේෂන් එකට පාස්පෝට් එක තවම ලැබුනේ නෑ.
පාස්පෝට් කන්තෝරුවේ දුරකථන අංකයට කවුරුවත් ආන්සර් කරන්නේ නෑ.
නව රජය පත් වෙනවත් එක්කම කොයි තරම් අර්බුද එකින් එක ආවද ඒවා නිර්මාණය කළ උන් මේවා සේරම දැම්මේ අනුරගේ පිටේ ඒවාට තැලුන ජනතාව දොස් කිව්වෙත් අනුරට.. ඒවා ඉතාම කඩිනමනින් විසඳුන් විසන්දුව ගමන් බොහෝ උන්ට ඒවා අමතකයි දැන් හාල් පොල් හරියට මේවා සේරම මේ ආණ්ඩුව නිර්මාණය කළ ඒවා වගේ තමයි යූටියුබ් ඇවිත් කෑ මොර දෙන වුන් කථා කරන්නේ.
ඔබට ඇත්තටම විදේශ ගමන් බලපත්‍රය අවශ්‍ය නම්, ඔබ මාස දොළහක් බලා නොසිටිනු ඇත. දිගු පෝලිමක් ඇත්තේ ඔබ හා සමාන මිනිසුන් නිසාය.
ෂෙල් සමාගම ලංකා ගෑස් ගත්ත විට ඔවුන් ලංකාවේ 100% ගෑස් පාලන ගිවිසුමකින් අවු 5-10 වැනි කාලයකට ගත්තා. ගෑස් මිල 150% වැඩි කළා.. ඊට පස්සේ ගෑස් ගොඩබෑම සහ පිරවීම ඇති සියලු පහසුකම් අති දැවන්ත ලෙස පුළුල් කළා. තව අවුරුදු 50 සෑහෙන්න. අන්න ඒ නිසයි දැන් ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම කිසිම බාධාවක් වෙලා නැත්තේ... අන්න ඒ වගේ තමා පාස්පොර්ට් ප්‍රශ්නය විසඳිය යුත්තේ... කාර්යාල යන්ත්‍ර පහසුකම් සැකසිය යුතුයි.. මෙවැනි ධාරිතාව 2-3 ගුණයකින් ආවාත් ලබාදනේන හැකි පරිදි...
ඔය ආයතනයේ පියන් ගේ පටන් ආගමන විගමන පාලක දක්වා අල්ලසට යටවීම නිසා අද සාමාන්‍ය ක්‍රමයට ජනතාවට විදේශ ගමන් බලපත්‍රයක්වත් නිකුත් කරගන්න බැරි තැනට වැටි ඇති බවත් හිටපු ලොක්ක රිමාන්ඩ් භාරයේ පසුවෙන බවත් සියලුදෙනාම දන්නා කරුණකි , ඔය ඉන්න සේවක ප්‍රමාණය සහ පහසුකම් හොඳටම ඇති , මේ ගොල්ල වැඩ අල කරන්නේ පගා ගහන්න අවශ්‍ය නිසා බව කවුරුත් දන්නවා , මේ හොරුන්ට සුදු හුණු ගන්න එපා .
මේ ප්‍රශ්නයට මුල අලුත් ආණ්ඩුව නොවේ , මේකේ සිටින දුෂිත නිලධාරීන් සහ හිටපු දේශපාලුවන් බව නොරහසකි , නමුත් අවම වශයෙන් ලබන වසරේ අප්‍රියෙල් මාසේ ලබන්න ඉස්සෙල්ල මේවා සමනය තත්වයට ගෙන එන එක අලුත් ආණ්ඩුවේ වගකීමක්
දුරකතනය කතා කරනකොට ඒක ගන්න නම් කවුරුවත් නෑ.
ආණ්ඩුවට බනින්න බලාගෙන ඉන්න කට්ටිය ලුණු ඇඹුල් ඇතුව කතා කරන්නට එක මාතෘකාවක් නැතුව යනවා .පව්
මගේ අවුරුදු 10 ඉවරයි. දැන් ඒක අලුත් කරන්න වෙනවා. මේ මාසේ ලංකාවට ආවෙම ඕක අලුත් කරන්න.. ජනවාරි වෙනකන් කොම්පැණියෙන් නිවාඩු අරන් ආවේ. බලමු අලුත් එක ගන්න ගියාම මොනවද වෙන්නේ කියලා..
දවස් ගණන් පොලිමේ ලැගලා පාස්පෝට් ගන්නවාට වඩා හොඳයි රට නොයා ඉන්න එක. සල්ලිත් ගත්තා නම් ඉල්ලුම් පතත් භාර ගත්තා නම් වේලාවට පාස්පෝට් එක දී ගන්න බැරුව තටමනවා නම් රටට අබසරණ තමයි...!
මමත් එක්දින සේවාව මාර්ගයෙන් කිසිඳු බාධාවකින් තොරව පාස්පෝට් එක ලබාගත්තෙමි.