IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පිස්තෝලයක් පෙන්නා පළතුරු ව්‍යාපාරිකයා කොල්ල කාලා

 ( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යතුරුපැදියකින් පැමිණි  නාඳුනන  පුද්ගලයන් දෙදෙනකු බණ්ඩාරගම මැදගම හඳුන්වැන්න ප්‍රදේශයේදී පොලිසියෙන් යැයි පවසා පලතුරු ව්‍යාපාරිකයෙකුට පිස්තෝල අවියක් පෙන්වා ඔහු සතුව තිබූ රුපියල් 150,000 ක මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි පලතුරු ව්‍යාපාරිකයා ඔහුට අයත් කුඩා ලොරියෙන්  එම ප්‍රදේශයේ සිට වාද්දුව ප්‍රදේශයේ  කෙසෙල් අලෙවි කිරීමට ඉකුත්  3 වෙනි දින පැමිණ ඇති බව පොලිසිය කියයි.

එම ව්‍යාපාරිකයා තනිවම ව්‍යාපාර කටයුතුවල  යෙදෙන අතර ඉකුත් 4 වෙනි දින මීට පෙර  කෙසෙල් අලෙවිය සිදු කරන ලද වෙළඳසැල සඳහා කෙසෙල් අලෙවි කර එම  මුදල්ද රැගෙන එදින බොරලැස්ගමුව ප්‍රදේශයට පිටව ගොස් එම ප්‍රදේශයේ වෙළඳසැල් සඳහා කෙසෙල් අලෙවි කර එම මුදල්ද රැගෙන වාද්දුව ප්‍රදේශයේ තම මාමාගේ නිවසේ රැය ගත කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත.

ඊයේ (5) උදෑසන බේරුවල සහ කළුතර ප්‍රදේශවල වෙළඳසැල් වලට කෙසෙල්කැන් අලෙවිකර  අනතුරුව සවස් යාමේ බණ්ඩාරම ප්‍රදේශයට පැමිණ කැස්බෑව  මාර්ගයේ මැදගම  හඳුන්වැන්න ප්‍රදේශයේ සිල්ලර  වෙළඳසැලක් ඉදිරිපිට ලොරිය නවතා එම වෙළඳසැලට කෙසෙල් අලෙවි කර පිටත්ව යාම සඳහා ලොරියට නැගීමත් සමගම කළු පාටට හුරු කබා පැළඳි පුද්ගලයන් දෙදෙනෙක් යතුරු පැදියකින් පැමිණ ලොරිය අසල නවතා ඇතැයි පොලිසිය කියයි

.



අදහස් (1)

පිස්තෝලයක් පෙන්නා පළතුරු ව්‍යාපාරිකයා කොල්ල කාලා

Pradeep Kumara Monday, 06 January 2025 11:43 AM

අසරණයින්ගේ මුදල් කොල්ල කන මොවුන්ට ස්වභාවධර්මයා හෝ දඬුවම් ලබා දේවි...!

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site