IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පිස්තොලයක්-ජීව උණ්ඩ අස්ථානගතවුණැයි සැරයන් අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මාදම්පිටිය පොලිස් ස්ථානයේ උපසේවා බාරයේ තිබූ පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ 15 ක් අඩංගු පතරොම් ගැබ අස්ථාන ගතවීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පොලිසියටම අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.

ඉකුත්  ඔක්තෝබර් මස 30 වෙනි දින   රාත්‍රී උපසේවා රාජකාරී යෙදී සිටි ආධුනික පොලිස් කොස්තාපල් 106224 ගුණවර්ධන නිලධාරියාව උපසේවා රාජකාරී භාරගනිමින් සිටි අවස්ථාවේදී සැකකාර පොලිස් සැරයන්වරයා පැමිණ හදිසි වැටලීමක් සඳහා ගිනි අවියක් ලබා දෙන ලෙසට ඉල්ලා පිස්තෝල ගිනි අවියක් රැගෙන ගිය බවට එම කොස්තාපල්වරයා විසින් ප්‍රකාශයක් ලබා දී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අස්ථානගත වූ එම ගිනි අවිය අදාල දිනයේදී සැරන්වරයා සන්තකයේ තිබූ බවට සිදුකළ විමර්ශන වලදී  එම අවස්ථාවේදී රාජකාරී යෙදී සිටි  නිලධාරීන්ගේ ප්‍රකාශවලින්ද හෙළි වී යයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකාර සැරයන්   අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

පිස්තොලයක්-ජීව උණ්ඩ අස්ථානගතවුණැයි සැරයන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site