
(ජේ.කේ.එල්. චාමින්ද)
මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
වී නිෂ්පාදනය 2022 වර්ෂයේ මහ කන්නයට සාපේක්ෂව 2023 වර්ෂයේ මහ කන්නයේ දි සියයට 39.6කින් වැඩිවි ඇත.
2022 වර්ෂයේ මහ කන්නයේ වි නිෂ්පාදනය වී කිලෝග්‍රැම් මිලියන 1931.2කි.ඒ අනුව 2022 වර්ෂයේ මහකන්නයට සාපේක්ෂව 2023 වර්ෂයේ මහකන්නයේ දි මෙරට වි නිෂ්පාදනය කිලෝග්‍රැම් මිලියන 764.8කින් වැඩි වි ඇත.
එමෙන්ම 2023 වර්ෂයේ යල කන්නයේ දි මෙරට වී නිෂ්පාදනය වී කිලෝග්‍රැම් මිලියන 1,817.4කි. 2022 වර්ෂයේ යල කන්නයේ වී නිෂ්පාදනය වී කිලෝග්‍රැම් මිලියන 1,461.7කි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි නම් වී නිෂ්පාදනය වැඩිවෙනකොට හාල් මිල පහත වැටෙන්න ඕනෑ. මෙහේ ඒකේ අනික් පැත්ත. හාල් මාෆියාව ආණ්ඩුවේ ඡන්ද ව්‍යාපාරයට සල්ලි වියදම් කරනකොට ජනතාවට පිළිසරණක් නෑ...
පසුගිය වසර ඉවරයි. දැනට සහල් අර්බුදයක් ඇත. මෙවැනි ප්‍රශ්න විසඳුම් දීමේදී, මෙම මහා කන්නයේ කොතරම් අස්වැද්දිය හැකිද? කොතරම් අස්වැන්නක් ලැබේද? යන ප්‍රශ්නයට දැන්ම පුරෝකථන අවශ්‍යයි. ඒ අනුව පෙර සුදානම තිබිය යුතුයි. එසේ නොවුණහොත්, ලබන මැයි, ජුනි වගේ වනවිට සහල් මිල කලමනාකරණයට ප්‍රශ්න ඇතිවේ.