( +++ ඉන්දිකා රාමනායක)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ඨාසය (සී.අයි.ඩී) සිදුකරන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීමට ආරක්ෂක අමාත්‍යාංශය කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.
ජාතික බුද්ධි ප්‍රදානී මේජර් ජනරාල් ජගත් අල්විස්ගේ ප්‍රධානත්වයෙන් යුත් එම බලකාය සාමාජිකයන් හයදෙනෙකුගෙන් සමන්විත වේ.
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය සොයා බලා ඒ සම්බන්ධයෙන් සතියකට වරක් ආරක්ෂක ලේකම්වරයාට වාර්තාවක් ඉදිරිපත් කිරීම මෙම කාර්ය සාධන බලකායට පැවරී ඇත.
කොළඹ, මීගමුව හා මඩකලපුව යන ප්‍රදේශවල ඉකුත් අප්‍රේල් 21 වැනිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලින් 250 දෙනෙක් පමණ ජීවිතක්ෂයක පත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ ඡන්දෙ ළංවෙනකන් ඉඳලා හදිස්සියේ මතක්වෙලා තියෙන්නේ...
හොරාගේ අම්මගේ සපෝට් එකට ආච්චිවත් දාලා. රටේ අවාසනාවට බහුතර මිනිස්සුන්ට මේවා තේරුම්ගන්න තරම් චින්තනය දියුණු වෙලා නැහැ.
එම කාර්ය සාධක බලකායේ ප්‍රගතිය බලන්න අපි තවත් මරණාධාර සමිතියක් හදමු. එහි නිලතල දියවන්නාවේ 225න් කීපදෙනෙකු පත්කරගනිමු.