(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධාරණය සහ යුක්තිය පමා කරමින් සිටින බව සමගි ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ තෙදින පාර්ලිමේන්තු විවාදය අරඹමින් නිරෝෂන් පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.
පාස්කු මහ මොලකරු කවුදැයි දන්නා බව මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මාධ්‍යයට කිව්වත් ඔහුගේ ප්‍රකාශය ගැන ගන්නා ලද පියවර ගැන ජනතාවට අනාවරණය වී නැතැයි මන්ත්‍රීවරයා කීය.
මේ සම්බන්ධයෙන් චෝදනා ලැබූ නිලධාරීන් ලොකු පුටුවල තබා තිබෙන්නේ ඔවුන් කට ඇරියොත් මේ පිටුපස සිටි දේශපාලන අධිකාරිය හෙළිවේයිදැයි බියෙන් දැයි නිරෝෂන් පෙරේරා මහතා ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ, අනුබල දුන්නු හැම කෙනාටම ශාප වේවා !!! හෙණ පහල වේවා!!! ඉතා භයානක මරණ ඇති වේවා! පාස්කු ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ හැම කෙනාම මැරෙන්න ඕනෑ..!
විවාද කරලා වැඩක් වෙනවාද?
මේක දැන් පැෂන් එකක් වෙලා..., අපරාධකාරයින් හොයලා දඬුවම් කරනවා වෙනුවට පාස්කු ප්‍රහාරය ගැන දවස් ගණන් විවාද කරලා රටේ මහජන මුදල් නාස්ති කරලා ආණ්ඩුවයි, විපක්ෂයයි ආතල් ගන්නවා.
මළමිනී මතින් නරුම දේශපාලනයක යෙදෙන උඹලා ඔක්කොටම හෙන ගහනවා...!! පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා ඒ කුරිරු මිනීමරුවන් වෙනුවෙන් පෙනී සිටින හැමෝටම සසර වසන තුරාවටම ශාප වේවා!!!