(මනෝප්‍රිය ගුණසේකර)
බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් පාස්කු ඉරුදින මීගමුව කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබුවන්ගේ වින්දිතයන් පවරා ඇති නඩුවල විත්තිකරුවකු ලෙස නම්කර ඇති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව ඔහු ජනාධිපති ධූරය දරන තාක්කල් බහා තැබීමට නියම කළ මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දිසා විනිසුරු නුවන් තාරග හීනැටිගල මහතා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතා ඇතුළු පිරිසට එරෙහි නඩුව ලබන 27 වැනි දින සිට විභාග කිරීමට තීරණය කළේය.
රුපියල් ලක්ෂ 50 සිට රුපියල් කෝටි 6 දක්වා වන්දි අයකර දෙන්නැයි ඉල්ලා පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යාවස්තාවෙන් ඔහුට ලබාදී ඇති විනිර් මුක්තිය ලබා දෙන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු සෙසු විත්තිකරුවන්ට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරෙහි නඩු තබා තබන්නේ නම් තමන්ට එරෙහි නඩුද බහා තැබීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එහෙනම් ඉක්මනටම ජනාධිපතිවරණයක් තියලා මේ ගෝතයාට සාධාරණ පාඩමක් උගන්වලා සදහටම ගෙදර යවන්න ප්ලීස්.එතකොට ඒ මරා දැමූ අහිංසකයන්ගේ ලේ වලට සාධාරණයක් වෙයි