(අංජුල මහික වීරරත්න)
පාස්කු බෝම්බ ප්‍රහාරයේ නියම වගකිව යුත්තාට දඬුවම් කිරීමට අවශ්‍ය නම් ආණ්ඩුව කළ යුත්තේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හතරවෙනි තට්ටුවට ගෙන ගොස් ප්‍රශ්න කර අධිකරණයේ නඩු පැවරීම බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතාම කොමිසමක් පත් කර හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට නඩු පවරන්න කටයුතු කළ අතර අධිකරණය නීතිපති ගත් ක්‍රියා මාර්ගය විවේචනය කරමින් විත්ති වාචකයක් කැඳවීමකින් තොරව ඔවුන් දෙදෙනා නිදොස් කර නිදහස් කරන්න පියවර ගත් බවද එජාප මහලේකම්වරයා කීය.
පාස්කු බෝම්බ සිද්ධියේ ප්‍රධාන වගකිව යුත්තා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බව ඕන අන්ධයෙකු බිහිරෙකු ගොළුවෙකු වුවත් දන්නා බව කී රංගෙ බණ්ඩාර මහතා ඊට ඇස් පනාපිට සාක්කි තිබෙන බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකීම බාරගන්නේ මේ නිලධාරීන් දෙදෙනාගෙන් ඉල්ලා සිටියෙත් ඒ නිසයි.. සැබවින්ම වගකිව යුත්තේ කවුරුන්දැයි දැන් එළිවෙමින් පවතියි.
අයියෝ එහෙම කොහොමද? නිදොස් නිදහස් කියන වචනවලින් පිදුම් ලත් අය තමා ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නේ... ඔය සාමාන්‍ය ජනතාවගේ ජීවිත ඒ තරම් නොවටිනා බව අපේ රටේ ලොකු පුටුවල අය නොකියා කියා තියෙන්නේ... ඔබතුමන්ලා හොරු ඇල්ලුවේත් නෑනේ. මේ අය බැංකු හොරු ඇල්ලුවේත් නෑ...
සර්ගේ රෙදි ගැලවිලා ගොඩක් කල්... දැන් ඉතින් අමුඩෙන් තමයි අල්ලන්න වෙන්නේ...!
අනේ මෙහෙමත් විකටයෙක්... තමන්ගේ දරුවා ළඟ තිබුණු බෝතලේ වොඩ්කාද, වතුරද තිබුණේ කියලා අවංකව කියන්නකෝ බලන්න...
උගත්, බුද්ධිමත් කෙනෙක් යවපල්ලා... පාර්ලිමේන්තුවට ඉන්නේ මේ වගේ අය ...
තමන්ගේ ආණ්ඩුව කාලේ ඒක මතක නැති වුණා නේද?
ඔබතුමා මොනවද මේ කියවන්නේ? අයියෝ අපේ රටේ දේශපාලකයින්...
මෙයා දැන් දෙන්නේ ලොරි ටෝක්... හරියට වර්තමාන ආණ්ඩුව කාලෙ සිද්ද වුණා වගේනේ.. තමුන්ලා හිටපු යහපාලනේ කාලෙදී ඔය ටික කරන්න තිබුණනේ. දැන් නිකන් සුදනෝ වෙන්නේ නැතිව කාට කියන්නද?