(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
පසුගිය අවුරුද්දේ පාස්කු ප‍්‍රහාරයෙන් පීඩාවට පත්වූ, අවතැන් වූ, ජීවිත හා දේපල හානි වූ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන්, ඔවුන්ගේ ජීවනෝපායන් යළි ගොඩනැංවීමට ලෝක මුස්ලිම් ලීගය හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දුන් රුපියල් කෝටි 90 ක මුදලකට සිදුවු දේ කුමක්ද යන්න එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ඒ.එම්. මුසාම්මිල් මහතා ඇතුලූ වගකිවයුත්තන් වහා පවසන්නැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ කියති.
ඇඹිලිපිටියේ මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව පැවසූහ. එහිදී අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේද කීහ.
‘පාස්කු ප‍්‍රහාරයට අවුරුද්දයි. පාස්කු ප‍්‍රහාරයෙන් 265ක් මියගියා. 500ක් තුවාල වුණා. දේපල විශාල ප‍්‍රමාණයක් අහිමි වුණා. ජීවනෝපායන් අහිමිවු විශාල පිරිසක් ඉන්නවා. ආබාධිතව ගෙවල්වල ඉන්න තව විශාල පිරිසක් ඉන්නවා.
පාස්කු ප‍්‍රහාරයෙන් තුන් මාසයකට පස්සේ එනම් 2019 ජූලි මාසේ 30දා කොළඹ නෙලූම් පොකුණේදී එවකට බටහිර ආණ්ඩුකාර ඒ.ඒ.එම්. මුසාම්මිල් මහතා ප‍්‍රධාන පිරිසක් සම්මන්ත‍්‍රණයක් සංවිධානය කළා.. ජාතීන් අතර සාමය, සමගිය, සංහිදියාව ඇති කිරීමේ අරමුණින් ලෝකයේ රටවල් රැසක මුස්ලිම් නායකයන්ගෙන් සමන්විතව මේ සම්මේලනය පැවැත්වුණේ
ලෝක මුස්ලිම් ලීගයේ නායක මොහොමඞ් බින් අබ්දුල්ලා මහතා ඒ සම්මේලනයේ දී පාස්කු ප‍්‍රහාරයෙන් හානියට, විපතට පත්වූවන් වෙනුවෙන් වන්දි ගෙවන්නත් ඔවුන්ගේ ජීවිත නැවත නගාසිටුවීම සදහා ඔවුන් අතර බෙදා දෙන්න ඩොලර් මිලියන පහක් ඒකියන්නේ ලංකාවේ මුදලින් රුපියල් කෝටි අනූවක් එවකට හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ප‍්‍රදානය කළා.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වසරක් පිරෙන අද වනවිටත් මේ විපතින් පීඩා වි`දින පිරිස් දුකසේ සිය ජීවිත ගෙනියනවා. ලෝක මුස්ලිම් ලීගය දුන් කෝටි 90 ක් මේ අය අතර බෙදා දුන්නාද කියලා අපි වගකිවයුතු අයගෙන් විමසලා බැලූවා.
දැනගන්නට ලැබුණේ ඒවා බෙදා දී නැති බවයි. එහෙනම් හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලෝක මුස්ලිම් ලීගය දුන් කෝටි අනූවට මොකද වුනේ. සම්මේලනය සංවිධානය කළ එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ඒ.එම්. මුසාම්මිල් මහතා ඇතුලූ වගකිවයුත්තන් වහාම මේ ගැන රටට, ජනතාවට හෙළි කළයුතුයි’ සෝභිත හිමියෝ වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම මේ ගැන සොයා බැලිය යුතුයි
මේක නම් සේවියයුතුම දෙයක්. මතක් කලාට ස්වාමීන් වහන්සේට පින්. දෙන්නා එක්ක බෙදාගත්තද සෙවිය යුතුමයි. බෝම්බ ප්‍රහාරයෙන් තවමත් දුක් කරදර විදින ජනයා බොහොම ඉන්නවා. එම අයවලුන් ගැන බැලීම අපි කාගේත් යුතුකමක්.
ගරුතර ස්වාමින් වහන්ස, මේ පිළිබදව ඔබවහන්සේත් මුසම්මිල් මහතාත් එකතුවී කරන සොයා බැලීම ඉතාම කරුණාවෙන් අගය කරමි. මෙම විමසීම හරියට ක්‍රියාත්මක කළාද කියන එක අන්තිමටම සොයා බලන්න මෙම විපතට පත් උනේ අහිංසක මිනිසුන් තමන්ගේ ආගමෙහි සානුකම්පිත වැදගත්ම දිනය සමරන්නට ඇවිත් ඉන්න වෙලාවේ....
ඕක ජනමත රහසක්. අහන්න බැහැ. ඇහුවත් උත්තර නැහැ. මතක නැහැ. අරයට දුන්නා. මෙයාට දැන් කොහොමත් බැහැ. බලයට හේත්තු උනානේ. පොළොන්නරුවේ අහිංසක මිනිසා නේ ?
මේවට වහාම පිළිතුරු දිය යුතුයි. ලැජ්ජා නැතුව අහිංසක මිනිසුන්ගේ මළමිනී උඩින් ගිහින් පාර්ලිමේන්තුවට නැවත රිංගන්න චන්දෙ ඉල්ලනවා. අවුරුද්දක් පහු වෙලත් මේ ජනතාවට මුදල් නොලැබුන එක පිටුපස විශාල වංචාවක් තිබිය යුතුයි. මෙම ඩොලර් මිලියන 5 (රුපියල් කෝටි 90) අඩුම වශයෙන් බැංකුවක අවුරුද්දකට 5% පොළියක් ලැබෙන සේ ස්ථීර තැන්පතුවක තැන්පත් කළත් පොළිය පමණක් ඩොලර් දෙලක්ෂ පනස් දහසක (රුපියල් මිලියන 45,000 කට වැඩියි) මුදලක් එකතු වෙනවා. එවිට එදා මෙම ඩොලර් මිලියන 5 හේ අද වටිනාකම ඩොලර් මිලියන 5 කුත් ලක්ෂ දෙසිය පනහක් වෙනවා (රුපිය කෝටි 95 කට ආසන්න වෙනවා). මෙම මුදල් වලට මොකද උනේ ?
ඕක අහන්න දෙයක්ද? දැන ගන්නම ඕනනම් අහන්න අර “ජනාධිපති තාත්තා” කියලා පොතක් ලිව්ව දුවගෙන්. වැඩි දුර යන්න ඕනේ නැහැ හොයාගන්න. ඔය මහගමසේකර කියන කවියාගේ නමින් තියන පාරට ගියානම් හොයාගන්න පුළුවන්....
ඕවා අහන්නත් ඕන කතාද? ඕක 'හෙල්පින් හම්බන්තොට - 2'.
කටමැත දෙඩුවාට, මෑත කාලයේ කොරෝනා මඩින්න ඇමරිකාවෙන් ලබාදුන් රුපියල් මිලියන ගාන සහ යුරෝපා සංගමයෙන් ලබා දුන් ඩොලර් මිලියන කුට්ටිය ගැන වගේ වගක් නැත්තේ මන්ද? යම් කිසි ලෙසකින් ඒ ගැන මතක් උවහොත් ඔහු පැළඳ සිටින අදුමේම පහ වෙන නිසාද?
මේ නිවට දේශපාලකයා ගේ කෙරුවාව හින්දා අපේ විරෝදාර රණවිරුවන් පෝරකයටත් .පාස්කු දිනයේ පල්ලියට ගිය අහිංසක ජනතාවගේ ලේ පල්ලි පුරාම විසිරුනා. ඔවුන්ට ඔවුන්ගේ වටිනා ජිවිත අහිමි වුනා.ඒ මදිවට අසරණවූ මිනිසුන්ගේ ජිවිත වලට යම් අස්වැසිල්ලක් වීමට ලැබුණු මුදලට කල දෙය ඒ තරම් හොද දෙයක් නොවේ , මේ නිවටයට රාජනිතියකින් දඩුවම් නොලැබුනත් සොබාදහම විසින් හරි දඩුවම් ලැබේවි . ලෝක නිතිය ඒකයි.
කාදිනල්තුමාගේ ප්‍රතිචාරය කුමක්ද ?
පොඩ්ඩක් ඉන්නකෝ සිරිසේන මහත්තයා හෙට පත්තරේ කියවනකම්. ඊට පස්සේ කියාවි ඒ සල්ලිවලට මොකද වූනේ කියලා.
මේ රටේ දේශපාලුවන්ගෙන් මීට වඩා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ පුළුවන්.
හරියටම වෙචිව් දේ දන්නේ දුශිත දේසපාලුවෝ මිසක් වෙන කවුද ?
එක අහන්න සල්ලි ගත්ත පතෝලයාගෙන්....!!!
ඕක මොන කජ්ජක්ද? ඉතාම සිල්ලර මුදලක් නේ? මතකද ශ්‍රී ලංකාවේ දකුණු පළාත මුල්කරගෙන රටේ පළාත් කිහිපයක් එකම මළගෙයක් කරමින් මුහුද ගොඩ ගැලූ සුනාමි ව්‍යසනය? දේශමාමක දේශීය විදේශීය ජනතාව ජනාධිපති රාජපක්ෂ රජයට සහය පළකරමින් අසරණවූ ජනතාවට පිහිටවීම සඳහා රුපියල් කෝටි ගණනක් රජයට පරිත්‍යාග කල බව ඔබටත් මටත් අමතක නැත. එහෙත් එම අති විශාල මුදල් සම්භාරයෙන් සැහෙන කොටසක් සමහරුන් පිල්ලි ගැසූ බවත් අවශ්‍ය අයට එම මුදල් නොලැබී ගියබවත් මුළු රටම දන්නා ප්‍රසිද්ධ රහසකි ! ඉන් බොහෝ දෙනෙක් සිය නෑදෑයන්ගේ නමින් - එක ලොක්කෙක් එයාගේ නංගිගේ නමින් - එම මුදල් යටිමඩි ගැසූ වග පසුගිය දිනකත් අප කියවා ඇත. දැනට කොරෝනා වසංගතය වෙනුවෙන් ලැබෙමින් තිබෙන විශාල මුදල් තොගයෙන් කොපමණ ප්‍රමාණයක් ලැබිය යුත්තන්ට ලැබේවිද, කියා අප හැමෝම සිතිය යුතුය...
ඔබ වහන්සේ කියන ඔය මුස්ලිම් ලීගයෙන් දුන් කොටි 90 හොරකම් කලානම් , දැන් මාස 4-5 රට පාලනය කරන මේ ආණ්ඩුව මේගැන කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැත්තේ මෛත්‍රී ඔවුන් සමග චන්දෙ ඉල්ලන නිසාද ? මේ ආණ්ඩුව සහ ජනපති මෛත්‍රී ආරක්ෂා කරනවද ? මේ කතාව සත්‍යයක්ද ? හොඳටම විශ්වාස කරන්න පුළුවන් සාක්ෂි තිබෙනවද ? එහෙම තිබෙනවානම් ඔබ වහන්සේ පොලිසියට පැමිණිලි නොකළේ මන්ද ?