(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු බවත්, ඔහු ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා නිතීඥ සංගමය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ සංජීව ජයවර්ධන මහතා සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (16) ප්‍රකාශ කළේය.
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ප්‍රහාරය මැඩ පැවැත්වීමට කටයුතු නොකිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩ කළැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇතු`ථ පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීම සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (16) යළි කැදවූ වස්ථාවේදී මෙම කරැණු ඉදිරිපත් විණි.
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණීය, මෘදු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැණීනි.
අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම් ගොනුකරනු ලැබ තිබුණේ, ශ්‍රි ලංකා නිතීඥ සංගමය, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දියන් වන තුවාල ලැබූ සහ මියගිය අයගේ ඥාතීන්, තකෝලික පියතුමන්ලා ඇතු`ථ පාර්ශ්ව 12ක් විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd