(සුජිත් හේවාජුලිගේ )
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් නොපමාව අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පවසයි.
කිසිම පුද්ගලයකුට හෝ පොලිසියේ විමර්ශනවලට බාධා කිරීමට ඉඩ නොතබන බවද හෙතෙම සඳහන් කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් 723 දෙනෙකු අත්අඩංගුට ගෙන ඇති බවත් මින් තුන්සිය එකොළොස් දෙනෙකු රඳවාගෙන දිගින් දිගටම විමර්ශන පවත්වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මින් සැකකරුවන් හතළිස් හය දෙනකුට විරුද්ධව නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍ර ගොනු කරනු ලැබ ඇති බව පැවසූ පොලිස්පතිවරයා පරීක්ෂණ වලට අදාළ ලිපිගොනු සියයක් පමණ නීතිපති දෙපාර්තමේන්තුවට බාරදී ඇතැයිද පැවසුවේය.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පිරිසේ උගතුන් හා බුද්ධිමතුන් රැසක් සිටින බවද වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.
සැකකරුවන් ළඟ තිබී විවිධ ලේඛන විශාල ප්‍රමාණයක් දැනට සොයා ගෙන ඇති බවත් ඔහුගේ එම සැකකරුවන්ට අදාළ දුරකථන අංක ලක්ෂයක් පමණ විමර්ශනයට ලක් කළ බවත් ඔහු පැවසුවේය .
සැකකරුවන්ට අයත් රුපියල් කෝටි තිස් හයකට වැඩි වටිනා මුදල් හා දේපළ රාජසන්තක කර ඇති බවත් තවත් රුපියල් කෝටි දහසකට වැඩි මුදලක් තහනමට ගෙන ඇති බවත් පොලිස්පතිවරයා කීවේය.
පාස්කු ප්‍රහාර මාලාව සහරාන් ඇතුළු කණ්ඩායමක් කෙටි කාලයකදී සැලසුම් කළ හුදෙක් තනි අපරාධයක් නොවන බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පැවසීය.
එම සිදුවීමට පෙර සිදුවීම් කිහිපයක් සිදුවී ඇති බවත් බවත් ඒ අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම්සහගතව සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පෙනීයන බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කතාව අපිට දැන් අහලම ඇති වෙලා?
කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන්ට අනුව මුලින්ම කටයුතු කරන්න.
ඒ ඉතින් සම්බන්ධ අයටනේ, මහ මොළ කාරයොන්ට කොහොමද.?
කාගෙන්ද.? දෙවියන් වහන්සේගෙන් නේද සර්, අපි ඒක ද දන්නවා.
ඒ ගමන් මෙයත් පටන් අරන් පරණ සිංදුව කියන්න.
ඔයාට , ඔය කතාව ලියල දුන්නේ අරය නේද . එයාගෙ ටෙලිෆිමිටර් එක ඉල්ල ගෙන ඇවිල්ල නේද ඔය කතාව කරේ ?
අපි නොදන්නා චෙස්.
ඔබ තුමා ලඟදි විශ්‍රාම යනවද.? එහෙම සේයාවක් පේනවා.
ඇත්තටම පොලිස් පති කෙනෙක් ඉන්නවද? අනේ මන්ද මේ ප්‍රකාශය කරන්නමද කොහේ එලියට අවේ. ජනාධිපතිවරයායි අමාත්‍යවරයයි මේ වෙනකම් විකාර කියෙව්වේ.
අනේ නිකං ඉන්න සර් රට හිනස්සන් නැතුව. අපි නොදන්න මහ මොලකාරයා. පොඩි ලමයෙකුගෙන් ඇහුවත් එයා කියයි මහමොලකාරයා කව්ද කියල. ඔය මුට්ටියද මොකද්ද එක තියනකං ඔය නරිනාටක රඟ දක්වන්න පුලුවන්. බලමු, බලමු.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය සොයා ගැනීමට බැරි අයටත් සමාවක් නැහැ.
මෙතුමා මේ සම්බන්ධ අය කියන්නේ ඒකෙන් මියගිය අය ගැන වෙන්න ඇති.
පොලිස්පතිතුමාට සන්නිවේදනය පිලිබඳ පුහුණුවක් නැති බව ,ප්‍රකාශ කරපු විදියෙන් පේනවා
අර ලෙඩ ඇඳේ හිටපු කෙනා පුතාට කිව්වානම් පල්ලිවලට බෝම්බ ගහනවා කියලා අනිවාරයෙන් තමන් දන්නා කෙනෙකුට කියන්න ඇති කියා මට සිතෙනවා.
මෙයා කතා කරනවා දැක්කම හිතුනෙ අජිත් රෝහණ මහත්මයා කොයි තරම් දක්ෂ විදිහට රුපවාහිනී කැමරාව ඉදිරියේ අදහස් ඉදිරිපත් කරනවද කියල.
දැනට අපිට අහන්න හම්බෙච්ච කාරනා ඔක්කොම එකට ගත්තම අපිට හිතාගන්න පුලුවන් මොකක්ද වෙන්න ඇත්තෙ කියල. අහිංසක ජීවිත ටිකක් පටු අවශ්‍යතාවයන්ට බිලිවෙච්ච එක තමයි උනේ ...
ලඟදි තව මොනවා හරි භාණ්ඩ වල මිල වැඩි වෙයි වගේ .එතකොට තමයි පාස්කු ප්‍රහාරය මතක් වෙන්නේ
මෙයා හීනෙන් බය වෙලාද කොහෙද ,එක පාරටම ඇහැරිලා තියෙන්නේ
අදහස් වගේම කැමරාවක් ඉදිරියේ හැසිරීම හරිම දුර්වලයි. හැමදාම අපිට ඇහෙන කතාව මේ වතාවේ වත් කියන්න වෙනස් විදියක් හොයාගන්න තිබුණා. අපිට දැන් එකම කතාව අහලා ඇති වෙලා. ඔය නඩුව අහවර කරලා දාන්න අනේ.. දැන් ඇහෙද්දිත් අප්පිරියයි.
කෙනෙක් නැති වෙලාවට එයා වෙනුවට කාර්යයක් ඉටුකරන විට ඒ ගැන ස්තුතිවන්ත වෙන්න සහ උපේක්ෂාවෙන් බැලිය යුතු නොවේද? විමර්ශනයට දක්ෂ නිලධාරීන් කරුණු සටහන් කරනවා සහ විද්‍යාත්මකව ප්‍රශ්න අහනවා විනා මහජනයාට විඳිය හැකි යමක් ගෙනඒම අනිවාර්යය නැහැ. ලොවෙන් එකෙක් එක දෙයකට සමත් කියනවා වගේ දක්ෂතා වෙනස්. එකිනෙකා ඊර්ෂ්‍යා කරවීම සහ අපහසුතාවයට ලක් කිරීම වෙනුවට මේ නිලධාරීන් සැවෝම කෝවිඩ් අර්බුදය තුළ කරන කැපවීමට ස්තුතිවන්ත වුණොත් එය අගනා දෙයක් නොවේද?