(රෝෂන් තුෂාර)
පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදීන්ට හා ත්‍රස්ත ක්‍රියාවන්ට ආධාර අනුබල දුන්නේ යැයි සැකයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප නියම වී සිටි සැකකාරියන් 10 ක් හා සැකකරුවන් 2 ක් ඇතුළු 12ක් නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (16) නියෝග කළේය.
ත්‍රස්ත මර්ධන විමර්ශන කොට්ඨාසය 2020 දෙසැම්බර් මස 11 දින අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කර පසුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප ලැබූ සින්ති සතුනා,රවුෆ් ෆාතිමා සාරා,ලෙබ්බෙ රිශානා,සාලිගු ජුනායි තීස්‍යා,කාසීම් මතනියා,ෆාතිමා ෂහිදා,ඉම්‍රහීම් සර්දා සහ සැකකරුවන් වන මොහොමදු ඉර්ෆාන් ,මොහොමදු ෂෆාන් මෙසේ නිදහස් කිරීමට නියෝග කළේය.
සැකකරුවන් අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර සිටියේ අන්තවාදී ත්‍රස්ත ක්‍රියාවන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර නීතිපතිවරයාට උදෘත යොමු කළ බවය.
ඒ අනුව පසුගිය අප්‍රේල් 9 වැනි දින නීතිපතිවරයාගේ උපදෙස් පරිදි පැමිණිල්ලේ කටයුතු අවසන් කරන බව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවට ගත් දුරකථන ඇතුළු නඩු භාණ්ඩ යළි ලබා දෙන ලෙසට නියෝග කරන ලෙස ඉල්ලා සිටියේය.
ඊට ප්‍රතිචාර දැක්වූ ත්‍රස්ත විමර්ශන නිලධාරීන් ජංගම දුරකථන හයක් යලි ලබාදීමට කටයුතු කරන බව අධිකරණයට දන්වා සිටියේය.
දෙපාර්ශවය කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් නිදහස් කරමින් සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් භාණ්ඩ බාර දෙන ලෙසට නියෝග කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාස්කු ප්‍රහාරයට සැක පිට සිටි 12ක් නිදහස්
fairoos Saturday, 17 May 2025 12:55 PM
ඊබ්‍රහීම් නානාගේ යාළුවෝද?