IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාස්කු ප්‍රහාරයට සැක 747ක් අත්අඩංගුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  සැකකරුවන්  747 දෙනකු  මේ  දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

මේ අතර පාස්කු ඉරු දින ප්‍රහාරයට අදාලව  සැකකරුවන් සහ සැකකාරියන් 100 කට එරෙහිව  මහාධිකරණයේ පවරා අැති නඩු 14කට  නීතිපතිවරයා  අධි චෝදනා ගොනු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත්  පරීක්ෂණ පැවැත්වෙන බව කී  අමාත්‍යවරයා  ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවෙන් අනාවරණය වූ කරුණුද ඊට පරිබාහිරව ඉදිරිපත්වූ කරුණුද පදනම් කරගෙන මෙසේ විමර්ශන පවත්වන බව කීය

රජය බලයට පත් වූ පසු  විමර්ශන නව අදියරයකින් ආරම්භ වී ඇති බවත්  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශන පවත් වන  බවත්  හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් සිවිල් සාක්ෂිකරුවන් දොළොස් දෙනකු  හමුදා සමාජිකයන් හත්දෙනෙකු  පොලිස් නිලධාරීන් විසිහතර දෙනකු බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු ඇතුළු  48 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් විමර්ශන කරගෙන යන  බවද  අමාත්‍යවරයා පැවසීය

 

 

 

 

 



අදහස් (0)

පාස්කු ප්‍රහාරයට සැක 747ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site