IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පාස්කු ප්‍රහාරයේ සාක්‍ෂි පිටපත් නොදීමට හේතු කියන්න දිනයක් දෙයි

(යොහාන් භාසුර)

‘පාස්කු දින’ ත්‍රස්තප්‍රහාරය මෙහෙවූයේ යැයි විශ්වාස කරන සහරාන් හෂීම්ගේ බිරිඳ ෆාතිමා හාදියා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු කිහිප දෙනෙක් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ දුන් සාක්කිවල සහතික පිටපත් නිකුත් නොකිරීමට ලිඛිතව හේතු ජනවාරි මස 5 වැනිදා දක්වන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව පාර්ලිමේන්තු නිලධාරීන්ට දැනුම්දී තිබේ.  

සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, ගපූර් මාමා සහ නවුෆර් මවුලවි යන පුද්ගලයන් පාස්කු කොමිසමට දුන් සාක්‍ෂිවල සහතික පිටපත් මෙහිදී තොරතුරු පනත යටතේ ඉල්ලා තිබේ.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතාගේ යොමු කළ තොරතුරු ඉල්ලීමකට අදාළ අභියාචනයක් කැඳවූ අවස්ථාවේදී කොමිසම මෙම දැනුම්දීම කළ අතර  මෙම අභියාචනා විභාගය වූ අවස්ථාවට පාස්කු දින ප්‍රහාරයෙන් පවුලේ සාමාජිකයන් අහිමිවූ වින්දිතයන් කිහිප කිපදෙනෙක් සහ පාස්කු දින ප්‍රහාරය වෙනුවෙන් යුක්තිය ඉල්ලා සටන් කරන සමාජ ක්‍රියාකාරිකයන් කීපදෙනෙක් ද පැමිණ සිටියහ.



අදහස් (0)

පාස්කු ප්‍රහාරයේ සාක්‍ෂි පිටපත් නොදීමට හේතු කියන්න දිනයක් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site