IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 41කගේ බැංකු ගිණුම් 100ක් අත්හිටුවයි

(ඉන්දිකා රාමනායක)
    
පාස්කු  දින එල්ල වු බෝම්බ ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින්  අත්අඩංගුවට ගෙන ඇති ත‍්‍රස්තවාදී සැකකරුවන් හා ඔවුන්ට ආධාර අනුබල දුන් 41 දෙනකුට අයත් බැංකු ගිණුම් 100 ක්   අත්හිටුවා ඇති බව   පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
මෙම ගිණුම්වල  රුපියල් මිලියන 134 ක  අධික මුදලක්  තිබූ බවද හෙතෙම කීය.
  
මෙම ත‍්‍රස්තවාදී කණ්ඩායම  සතුව තිබු  රුපියල්  මිලියන 20 ක ට අධික මුදල් ප‍්‍රමාණයක් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බවද හෙතෙම කියා සිටියේය.
 
මෙම ත‍්‍රස්තවාදී සැකකරුවන් සතුව තිබු  බිලියන 7 ක වත්කම්   සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගෙන ඇති බවත් ඒවා අකි‍්‍රය කිරීම සඳහා අවශ්‍ය  විමර්ශන කරමින් පවතින බවද හෙතෙම පැවසීය.
 
මෙම දේපළ අතරට ඉඩම්, ගොඩනැගිලි හා නිවාස   අයත් බවත් ඒවා තහනම් කිරීමට අවශ්‍ය   පරීක්ෂණ සිදුකරමින්  පවතින බවත් හෙතෙම  කීය.



අදහස් (11)

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 41කගේ බැංකු ගිණුම් 100ක් අත්හිටුවයි

rim Thursday, 05 September 2019 10:10 AM

තවත් කල්මරන්නේ නැතව ඉක්මන් කරලා සියලුම දේවල් රාජසන්තක කරන්න.

:       0       0

sirimal Thursday, 05 September 2019 10:42 AM

ඔක්කොටම කලින් ප්‍රදාන සැක කරුගේ ව්‍යාපාර තම දුවන්නේ කොහොමද

:       0       0

කණ්ඩුල Thursday, 05 September 2019 11:00 AM

දැන් පරක්කු වැඩියි. ඕවා යෙන් සැහෙන්න අරන් ඇති

:       0       0

lankasri Thursday, 05 September 2019 11:23 AM

අපේ අයට ඔයතරමින්වත් ඇස් පෑදුණා ඇති...

:       0       0

Indhika Thursday, 05 September 2019 11:45 AM

ඉක්මන් වැඩි නැද්ද? එක්කෙනෙක් නම් තමන්ගේ ගිණුමේ තිබ්බ කෝටි 400කට වැඩි ගානක් 35,000ට බස්සලාලු.

:       0       0

surath Thursday, 05 September 2019 06:56 PM

මන්දගාමිව හෝ මෙවැනි පියවරක් ගැනීම ගැන බලධාරීන්ට ස්තුතිය .

:       1       23

Francis Fernando Friday, 06 September 2019 02:27 AM

ගොඩාක් ස්තූතියි. මින් ඉදිරියටත් මෙවාගේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනට අපි එකතුවෙමු

:       0       1

Mahee Friday, 06 September 2019 03:06 AM

ඔව් ඔව් ඒ මිනිස්සුත් එකේ ඉලක්කම් 10 කින් තමයි ඔය ගිණුම් ඇරලා ඇත්තේ. හොයා ගන්න ලේසි වෙයි. අල්ලන්න තමයි අමාරු වෙන්නේ, හරියට අර කිරුලපනද කොහද තියෙන ගිණුම වගේ. ඇල්ලුවත් හපන්න බැරි වෙයි.

:       0       0

jayath Friday, 06 September 2019 03:31 AM

අරයගෙ ඒවත් මේ අතර තියනවද ?

:       0       0

උපුල Friday, 06 September 2019 04:37 AM

එතකොට අර බෝම්බෙන් පස්සේ මඩකලපු විශ්ව විද්‍යාලයේ බැංකු ගිණුම අත් හිටෙව්වේ එකේ තියෙන සල්ලි බිලියන 5න් රුපියල් 36000/- වෙනකන් සල්ලි ඇද්දයින් පස්සෙද? නිකන් දැන් මේ බින් කුන්ඩන්ගේ බැංකු ගිණුම් ගැන කතා කරන්න වෙලාතියෙන්නේ හෙළුවෙන් නාගත්තට පස්සේ රෙදි හොය හොය විලි වහගන්න. දැන් අපිද ගොනාට ඇඳගෙන ඉන්නේ නැත්තන් යහ පාලකයෝද ?

:       0       0

Chanak los angeles Saturday, 07 September 2019 09:47 PM

පාර්ලිමේන්තු කාරක සභාවට පැමිණ අහන ලද ප්‍රශ්න වලට දුන් පිළිතුරුවලට අනුව නම් යහපාලගේ ගිණුමත් මේ අත්හිටුවීමේ ලේඛනයට ඇතුලත් වෙන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 358 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2157 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1637 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site