(දසුන් රාජපක්ෂ)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවැනි අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (2) ජනාධිපති කාර්යාලයේ දී කොමිසම විසින් ලබා දෙන ලදී.
මෙම කොමිසම මගින් ඉකුත් දෙසැම්බර් 20 වැනිදා පළමු අතුරු වාර්තාව ජනාධිපතිවරයාට ලබා දුන්නේය.
පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සහ ඊට අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් සැප්තැම්බර් 22 වැනි දින මෙම කොමිසම පත් කළේය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අතුරු වාර්තාව ලබා දීමේ අවස්ථාවට ජනාධිපති කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරුවරුන් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා බලයට පත් වුනෙ මෙ ත්රස්තතවාදී ක්‍රියා නිසා නේද. තමන් බලයට පත් වෙන්න හේතුවුන ක්‍රියාවලට එරහිව මෙ ජනාධිපති යමක් කරන්න උනන්දුවෙන එකක් නැතිවෙයි කියලයි මම සිතන්නෙ. මෙ ක්‍රියාව හෙළාදකින්න අගමැතිතුමා මෙය සිදුවුණ දවස්වල උනන්දුවක් දක්කුවෙත් නැහැ නේද?
මිනිස්සුන්ගේ සල්ලි අපරාදේ, ඔය වාර්තා හැමදාම හදනවා වූන දෙයක් නෑ. දැන් නම් කොහොමත් බෑ.