(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය (9) බ්‍රහස්පතින්දා ප.ව 2.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු  ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙය එම ප්‍රහාරය වෙනුවෙන් පැවැත්වෙන 14 වැනි විවාදයයි.

විවාදය සදහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ විපක්ෂය විසිනි.

මේ අතර  (357 අධිකාරය වූ) යුද්ධ හමුදා පනත යටතේ නියෝග, (358 අධිකාරය වූ) නාවික හමුදා පනත යටතේ නියෝග සහ (359 අධිකාරය වූ) ගුවන් හමුදා පනත යටතේ නියෝග  (9)   බ්‍රහස්පතින්දා   පෙ.ව 11.30 සිට ප.ව 2.00 දක්වා විවාදයට ගැනේ.