(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂක කටයුතු සිදුවන ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (29) පැවසූහ.
එහෙන් මෙහෙන් ලැබෙන තොරතුරු මත විමර්ශන කටයුතු සිදු කරනවා වෙනුවට සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදුකළ යුතුව ඇති බවද අගරදගුරුතුමෝ සදහන් කළහ.
බොරුල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.
(ඡායාරූප - ඉෂාන් සංජිව)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ ප්‍රගතිශීලීම පාප්තුමා තමයි දැන් ඉන්නේ.
අගරදගුරු තුමා නිවැරදියි. සරත් ෆොන්සේකා මහතාට සුදුසු තනතුරක් දීම කාලෝචිත වන්නේ ඒ නිසයි.
ඇත්තටම හරිම උතුම් මනුස්සයෙක්. මම බෞද්ධ වුනත් අවන්කවම ගොඩක් ගරුකරනවා. ඒ වගේම අපේ අරක්ශක අංශ ගොඩාක් දක්ශයි. බුදුසරනින් ජේසු පිහිටින් කොල්ලො ටික හරියටම මේ ප්‍රශ්නේ විසදයි. ඒත් මේ පාලකයො ටික තමයි මේවා නවත්තන්නේ. මේ ජාතිද්‍රෝහී ආණ්ඩුවනම් පැන්නිය යුතුමයි. නැත්තන් අපිට රටක්නම් ඉතුරුවෙන්නේ නෑ.
ඇත්තෙන්ම ඔබ වහන්සේගේ අදහස් අප අගය කරන්නෙමු.
මුස්ලිම් පල්ලි හැම එකටම හමුදාව සහ පොලිසිය ආරක්ෂාවට යොදවලා... හැබැයි ගම්වල, නගරවල කිසි කෙනෙක් නෑ... ඇයි ඒ? විශේෂයෙන් අප්‍රේල් උත්සව සමයේ නුවරඑළිය වගේ නගරවල විශාල මුස්ලිම් ජනතාවක් රැඳිලා හිටියා. ඒ දවස්වල අඩියෙන් අඩියට පොලීසිය හිටියා. දැන් කිසි කෙනෙක් නෑ. කාදිනල්තුමාගේ කතාව ඇත්ත...
මම බෞද්ධයෙක්... ඔබ වහන්සේ අපේ හදවතට කතා කරනවා හැමදාම.. අපිට ඉන්නවද ආගමික හෝ වෙනත් නායකයෝ ඔබ වහන්සේ වගෙ සිහි බුද්ධිය ඇති? ඔබ වහන්සේ කියන දේවල් මේ රටට සහ නායකයින්ට වහ කදුරු වගේ, ඔබ වහන්සේ අපිට වටිනාම සම්පතක්...
අපේ බුද්ධි අංශය සහ ආරක්ෂක අංශ ඉතා දක්ෂයි. ඒ වගේම ඉතා කරුණාවන්තයි. දේශපාලකයෝ කකුලෙන් අදින්නේ නැත්නං, මේ ප්‍රහාරය වළක්වන්න තිබුණා. මේ ප්‍රහාරයට සම්බන්ධ දෙදෙනෙක්ව මීට කලින් පොලිස් අත්අඩංගුවෙන් දේශපාලන බලපෑම් උඩ නිදහස් කරලා තියෙන්නේ.