(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනා ඇතුළු පොලිස් නිලධාරීන් නව දෙනාට එරෙහිව දැඩි විනය පියවර ගැනීම සඳහා වූ චෝදනා පසුව සකස් කර ඉදිරි දින කිහිපයක් ඇතුළතදී ජාතික පොලිස් කොමිසම වෙත කඩිනමින් යැවීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් කටයුතු කරනු ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඉකුත් අප්‍රේල් 21 පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව අනුව නීතිපති වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ලබා දුන් උපදෙස් අනුව එම පොලිස් නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය හා වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මූලික විමර්ශනයක් පවත්වා චෝදනා ඇතුළත් වාර්තාව ලබා දීමට නියමිත බව එම නිලධාරියා පැවැසීය.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන් , ප්‍රියලාල් දිසානායක, ලලිත් පතිනායක , මීගමුව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.කේ අතුකෝරල , පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර , සහකාර පොලිස් අධිකාරීවරුන් වන සිසිර කුමාර , කේ.එම් කුමාරසේකර , කටාන පොලිස් ස්ථානාධිපති කේ.ඩී නවරත්න හා ජම්පටා වීදියේ පොලිස් ස්ථානාධිපති එම් උදයංග යන මහත්වරුන් මෙම සිද්ධීන් සමඟ ස්ථාන මාරු කෙරිණි.
විනය පියවර ගැනීම සඳහා වූ වාර්තාව සැකසීම සඳහා අදාල පොලිස් නිලධාරීන් නව දෙනාගෙන්,ප්‍රහාර වලින් මියගිය අයගේ ඥාතීන්ගෙන් මෙන්ම තුවාල ලැබූවන්ගෙන් ප්‍රකාශ ද ලබා ගත් බවත් ඊට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් ප්‍රකාශ ද ලබාගත් බව උසස් පොලිස් නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ හාදයෝ විතරක් විනය පියවරට යටත් වන්නේ? 225 ත් මෙයට වගකිව යුතු නොවේද ??
ආරක්ෂාව භාරව සිටි දේශපාලන නායකත්වය සහ ආරක්ෂක මණ්ඩලේ සිටි අනිත් පුද්ගලයිනුත් මෙයට වගකිව යුතුයි. ආරක්ෂක ඇමතිකම කියන කෙනා දවසේ පැය 24 තුළම හොඳ අවධානයෙන් ඉන්න ඕනේ... තමන්ට අවධානය යොමු කළ නොහැකි අවස්ථාවක කටයුතු කරන්න විශ්වාසවන්ත පුද්ගලයෙක් නියෝජ්‍ය ආරක්ෂක ඇමති ලෙස පත්කරගන්න ඕනේ... ඔහුද ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට සහභාගි වෙලා තිබෙන ආරක්ෂක වාතාවරණය ගැන හොඳින් දැනුවත් වෙලා ඉන්න ඕනේ.. එහෙම කරන්න බැරිනම් මේවා භාර නොගෙන ඉන්න ඕනේ... අන්තිමට සිද්ධ වුනේ අහිංසක මිනිස්සු මැරිලා රටේ ආර්ථිකය කඩා වැටුණු එක...
දේශබන්දු තෙන්නකෝන් මහතා හොඳ නිලධාරියෙක්... ඒත් පසුගිය දවස්වල රාජකාරියට අමතරව තව සමාජ සත්කාර වැඩවල යෙදුණා. ඒ සමග රාජකාරිය මග ඇරුණද?
ලංකාවේ දේශපාලකයන් මොන හොරකම , දුෂණය , වංචාව , රාජකාරිය පැහැර හැරීම කළත් පක්ෂ විපක්ෂ දේශපාලකයන් සියලුදෙනාම එකතුවෙලා ඔවුන්ව බෙර ගන්නවා , බොරුවට ඡන්දෙට කලින් කියනවා අර වැරැද්ද කළ, අර හොරකම කළා අපි ආගමන් , ගුවන් තොටුපළවල් වහල ඔක්කොම අල්ලලා රිමාන්ඩ් කරලා නඩු අහල දඩුවම් දෙනවා කියල , නමුත් ඡන්දෙන් පස්සේ මේ මුකුත් නැහැ , ඇත්ත කතාකරන දේශපාලකයෙක් හිටියොත් ඔහුට කුමක් හෝ නඩුවක් දමල ලෙඩක් ඇදල ඔහු මෙල්ල කරගන්න බලනවා ,
හොඳ නිලධාරියාද, නරක නිලධාරියාද කියල තීරණය වෙන්නේ කරන කියාවලින්. රාජකාරිය පහර හැරීම හොඳ ක්‍රියාවක් නෙමෙයි. ඒ වරදට විනය කටයුතු කලයුතු බවට රජයේ නිලධාරීන්ට නියම කෙරෙන නීති රෙගුලාසි තියෙනවා. මන්ත්‍රීන් නැත්නම් ඇමතියන් මේ තොරතුරු දැන දැනත් කිසිවක් නොකිරීම ගැන විනය කටයුතු කරන්න නීති පොතක් අපට නැතිබව කල්පනාවට ගන්න මහත්වරුනි. ඒ හින්ද උන්දලාව බේරෙනවා. නීතිපතිට හෝ පොලිසියට කළහැකි දෙයක් නැහැ. එවුන්ට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් මහජනයාට විතරයි. හැබැයි මහජනයම තමයි එක නොකරන්නේත්.
ජනාධිපති , අගමැති වගේම පොලිසිය , යුද්ද හමුදාව ඇතුළු සියලුම නිළධාරීන් මේකට වග කියන්න ඕනේ. යුද්ද හමුදාව මෙම අවදානම දැනගෙන හිටියනම් ඔවුනුත් වැරදියි. පොලිසියේ මහත්වරු කියනවනම් මේක ජනාදිපතිතුමා නියෝග දුන්නේ නැහැ කියල ඔවුන් වරදයි. මොකද මේවගේ විශාල අවදානමක් පොලිසිය දැනගෙන හිටියනම් සහ පොලිසිය දැනුවත් කරලා තිබුනානම් ඔවුන්ගේ යුතුකම තම නිසි ආරක්ෂාව යෙදවීම එක කරන්න ජනාධිපති හෝ අගමැති ඉඩ දුන්නේ නැත්නම් , ඔවුන්ට ඒ බව දැන්ව ඉල්ලා අස්වෙන්න තිබුන රාජකාරියට බදකල කියන එක මත. නමුත් ඔවුනුත් කලේ රටේ ජනතාවගේ ආණ්ඩුවට විරුද්දව නාග එන උද්ගෝෂණ මර්දනය කරන එක විතරයි. අගමැති , පොලිස්පති ආරක්ෂක ලේකම් ඇතුළුව වෙනම ආරක්ෂක මණ්ඩලයක රැස්වීම් තියල තියෙනවා. ජනාධිපති වෙනම තියල තියෙනවා. ඒ නිසා අගමැති මේ කරනවා දැනගෙන හිටිය මෙන්ම ඔහුටත් ක්‍රියාත්මක වෙන්න තිබුන. රට පාවල දෙන ගිවුසුම් ගහනකොට කාගෙන්වත් අහනවද?
සියලුම නිලධාරින්ට වුනේ " ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී " වැඩක්. අපිට උනේ "නුඹ නාඩන් නුඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩම් " කියල හිතල, තව තව කියන බේගල් අහ අහ ඉන්න එකයි. තනතුරු ලැබෙන්න ඉස්සෙල්ලා ඉඳල කරපු කියපු වැඩ ගැන පොඩ්ඩක් හිතලා බලන්නකෝ.
මේ බොරුවැඩ නොකර ජනාධිපති මේ සියලු වගකීම් භාරදිය යුතුයි යන්නයි ජන මතය .... ඡන්දේ කල්දාගන්න කරපු උප්පර වැට්ටියක් බවයි ජන මතය අනේ මන්දා ...