(ඉන්දිකා රාමනායක)
පාස්කු ඉරිදා දේව මෙහෙය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම දේවස්ථාන ආවරණය වන පරිදි පොලිස් හා ත්‍රිවිධ හමුදා 12000ක පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය පවසයි
මෙම පිරිසෙන් 9000ට අධික පිරිසක්. පොලිස් නිලධාරීන් බවත් සෙසු පිරිස ,විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව,නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ භට පිරිස් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
පොලිස්පතිවරයාගේ විශේෂ චක්‍රලේඛයක් යටතේ මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා බොරු වැඩ... අවශ්‍ය වෙලාවේ කරන්නේ නැතුව දැන් බොරුවට සංදර්ශන දානවා. ඉස්සෙල්ලා පාර, කලින් දැනගෙන ඉඳලා, ඒ සිද්ධිය වෙන්න ඇරලා, දැන් බලය ලබාගෙන ඉන්නේ...
පොල් වත්තක ආරක්ෂාවට පොල් හොරෙන් කැඩූ හොරාම මුරකරු විදියට පත්කළොත්... පොල්වත්තේ ආරක්ෂාව ගැන බලන්න දෙයක් නැහැ.
එතකොට සඳුදා සිට ආරක්ෂාව අපේ අතේද මහත්තයෝ?
රටක පොලිසියක්, හමුදාවක්, රජයක් තියෙන්නේ.. පාස්කු කාලයට හෝ අවුරුදු සමයට විතරක් ආරක්ෂාව ලබාදීමට නොවෙයි. ආරක්ෂාව කියන දේ රෑ, දහවල් අවුරුද්ද පුරාම ක්‍රියාත්මක විය යුතු දෙයක් නේද?
දැන් ආරක්ෂාව අවශ්‍ය පාස්කු ඉරිදාට විතරද? මේ පාස්කු ඉරිදාටත් ප්‍රහාරයක් ගැන දැනුවත් නම් ඒක මහජතාවට දැනුම්දීලා ජනතාව එක්රැස් වෙනඑක නවත්තන්න කටයුතු කරන්න.
අශීලාචාර පාස්කු ප්‍රහාරයේ මහාමොලකරු නොහොත් ගෝඩ්ෆාදර්ගේ නියෝගයක් වෙන්න ඇති. අවුරුදු 5 කට රටේ බලය ගන්න මෙවැනි අශීලාචාර මිනීමැරුම් කළ ගෝඩ්ෆාදර් සහ ඔහුගේ මාෆියා පවුලේ සැම මේ දෙයත් මතක තබාගත යුතුයි. අපරාධ කරුවන් පසුපස, කරත්ත රෝදය ගොනු පසුපස එනවා මෙන් ...." දඬුවම " එනවාමයි. සොබාදහමේ නීතිය එයයි. අපි බලාගෙන ඉන්නවා.. මේ පාස්කු දින මගේ එකම පැතුම එයයි.
තීරණය හොඳයි. මොකද ගියසතියේ ඉන්දුනීසියාවේ කතෝලික පල්ලියකටත්, සිය දිවි හානි කරගත්තු ප්‍රහාරයක් එල්ල කළානේ...
ආරක්ෂාවට වගකියන නායකයෙක්නේ පත්කරලා තියෙන්නේ,... බලය ගත්තෙත් ආරක්ෂාව නැති වෙන විදියට වැඩ කරලද කවුද දන්නේ?
අන්තිමට වැරැදිකරුවෝ වෙන්නේ අද පල්ලියට ගිය මිනිස්සු ටික.. කවදා හරි.. එහෙම රටක් මේක දැන්. හොරු නිදහස් වෙනවා. රට යනවා. දේශපාලනය කරනවා.
2019 ප්‍රහාරයක් වෙනවා කියලා කළින් දැනගෙන නිකන් හිටියා... දැන් එනවා ආරක්ෂා කරන්න.