(ඉන්දිකා රාමනායක,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් ප්‍රේමතිලක)

මොරගහහේන ගොඩිගමුව, මොහොට්ටිවත්ත ප්‍රදේශයේ නීති විරෝධීව මහපරිමාණයෙන් පවත්වාගෙන ගිය පස් සහ වැලි තිප්පොළක් වටලා රුපියල් කෝටියකට අධික වටිනා වාහන හා උපකරණ සමග සැකකරුවන් සිව්දෙනකු පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (13) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

කපා තිබු පස් කියුබ් 10 ක්, වැලි කියුබ් 9 ක් , පස් පටවන ටිපර් යන්ත්‍ර දෙකක්, ස්කැවේටර් යන්ත්‍රයක්, වතුර මෝටර් 4 ක්, පස් සෝදා වැලි බවට පත්කරන යන්ත්‍රයක්, අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වන බව පොලිසිය කියයි.

මෙම ස්ථානායෙන් කපන වැලි කියුබ් එකක් මොවුන් රුපියල් 12.000 ක මුදලට අලෙවි කරන බවද පොලිසිය කියයි.

මෙම ස්ථානයේ කැණීම් කරන වැලි සැකකරුවන් අසල ඇල මාර්ගයක් හරහා වතුර බට යොදා ජලය ලබාගෙන පස් පිරිසිදු කරන බවද පොලිසිය පවසයි.