
(ෂේන් සෙනෙවිරත්න )
තෙල්දෙණිය ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සමඟ රඹුක්වැල්ල සියඹලාගස්තැන්න ප්‍රදේශයේ කුඩා වෙළඳ සලක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම වෙළෙඳ සැල තුළ සිටි 36 හැවිරිදි දෙදරු මවක් මියගොස් ඇති බව තෙල්දෙණිය පොලිසිය කියයි .
මෙම අනතුරින් මියගොස් ඇත්තේ ආර්. එම්. නිර්මලා රත්නායක (36) නමැති දෙදරු මවක් බව පොලීසිය සඳහන් කරයි .
පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ ඇයගේ පවුලේ සෙසු සාමාජිකයන් එම ස්ථානයෙන් බැහැරව සිට ඇති අතර පස් කන්ද කඩා කඩා වැටීමෙන් පසු බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන පස් ඉවත් කොට ඇය පිටතට ගන්නා අවස්ථාව වන විටත් ඇය මිය ගොස් සිට ඇති බව තෙල්දෙණිය රෝහලේ ප්‍රකාශකයකු පැවසීය .්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd