(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මියහේ හිස රැදි කිරුළ ගලවා තුවාල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වල සාක්ෂි විභාගය ලබන අගෝස්තු මස 22 දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද 30 නියෝග කළේය .
මෙම සිද්ධියේ පැමිණිලිකාර පුෂ්පිකා ද සිල්වා මහත්මිය අසනීප තත්ත්වයක් නිසා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් සාක්ෂි විභාගය කල් තබන ලෙසට ඇගේ නීතිඥ අමිල සංජීව මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ දී සිදු වූ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් 2019 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූලි හා නිරුපන ශිල්පිනි චුලා පද්මේන්ද්‍ර යන මහත්මීන් තමන් නිවැරැදිකරුවන් බව අධිකරණයේ දී ඉකුත් අප්‍රේල් මස 04 වැනිද ප්‍රකාශ කලේ ඔවුන්ට එරෙහි චෝදනා කියවා දීමෙන් අනතුරුවය .
දෙපාර්ශවය මීට පෙර අධිකරණය මගින් සමත මණ්ඩලයට යොමු කල ද සමතයක් නොවුණු බැවින් නඩුව විභාගයට ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය 2021 අප්‍රේල් 05 මස වන දින කරණු ලැබු පැමිණිල්ලක් අනුව කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.
ඒ අනුව සැකකාරියන් දෙදෙනා වන ලෝක විවාහක රූ රජින කැරලයින් ජුලි සහ නිරූපණ ශිල්පිනියක් වන චූලා පත්මේන්ද්‍රන් යන අය 2021 අප්‍රේල් මස 08 වන දින කුරුදුවත්ත පොලිසිය වෙත ප්‍රකාශ ලබා දී තිබිණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පුෂ්පිකා ද සිල්වාගේ නඩුව කල් යයි