(සුජිත් හේවාජුලිගේ )
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ පෝෂණ තත්ත්වය අසතුටුදායක මෙන්ම දුර්වල වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන්වේ.
මෙම නිගමනයට පැමිණ ඇත්තේ මෑත කාලීන පෝෂණය දර්ශක පදනම් කරගෙනය.
මන්ද පෝෂණයේ ප්‍රතිවිපාක දිගු කාලීනවන අතර එමඟින් පරම්පරා ගණනාවක පිරිසක් දුර්වල ඵලදායීතාවයේ විෂම චක්‍රය තුළට කොටු කරමින් දරිද්‍රතාවයට පැමිණවිය හැකි බැවින් මේ සඳහා පුළුල් හා වඩාත් ඉලක්කගත උපායාමාර්ගයක් අත්‍යවශ්‍ය බව එම වාර්තාව යෝජනා කරයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින දුර්වලතා වඩාත් අර්බුදකාරී වෙමින් පවතින බවත් එමගින් එම ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව පිළිබඳ බරපතළ අවිනිශ්චිතතා ඉස්මතු කරන බවත් වාර්තාව සඳහන් කරයි.
ආර්ථික අර්බුදය හේතුවෙන් මහජන සෞඛ්‍ය අංශයේ සේවා සැපයීම දැඩි බලපෑමට ලක්ව ඇතැයි සඳහන් කරන වාර්තාව නියාමන යාන්ත්‍රණයක් නොමැති වීම හේතුවෙන් ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව ගැටලු මෑත කාලයේ නිරන්තරව මතුවූ බවද සඳහන් කරයි.
තවද සෞඛ්‍ය සේවා සැපයීමේදී දක්වන සැලකිලිමත් බව අඩුවීම වඩාත් ගැටලුකාරී තත්වයක් බවට පත්වෙමින් පවතින බව වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෝෂණයේ කඩා වැටීම මහ බැංකුව පිළිගනී
අබිලින් Wednesday, 01 May 2024 05:32 AM
ඒක එහෙම නම් ඔවුන් ඔවුනොවුන්ගේ වැටුප් වැඩිකර ගත්තාම ජනතාව ඒකට විරුද්ධව උද්ඝෝෂණ කරන්න ගත්තෙ ඇයි කියලා මටනම් තේරුම් ගන්න බැහැ