
(ජයන්ත සමරකෝන්)
මීගමුව හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල රඳවා ඇති රැඳවියන් දෙදෙනෙකු බැලීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගේ පාවහන් යුගලේ දුම්කොළ කැබලි සඟවා තිබියදී බන්ධනාගාර නිලධාරීන් සොයාගෙන අද(15) ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මීගමුව බන්ධනාගාරයට පැමිණි අමුත්තෙකුගේ පාවහන් ගලවා පරීක්ෂා කිරීමේ දී එහි සඟවා තිබූ දුම්කොළ කැබලි 10ක් බන්ධනාගාර නිලධාරීන් සොයාගනෙ ඇති අතර, සැකකරු මීගමුව පොලිසියට බාරදුන් බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණි අමුත්තෙකුගේ පාවහන් ගලවා පරීක්ෂා කිරීමේදී එහි පතුලේ සඟවා තිබී දුම්කොළ කැබලි තොගයක් සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීහු සමත්වූහ.
සැකකරු බොරැල්ල පොලිසියට බාර දී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්කොලයක් මුහුණේ අලවාගෙන අවොත් වයසක කෙනෙක් කියලා යන්නදේවි.