
(ගයාන් සූරියආරච්චි සහ බිමල් හ්‍යාමන්)
දැනට රක්ෂිත බනධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට අයත් බව කියන හෝටලයකට ගොස් තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත වැලිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරු ඇතුළු පවුලේ 8 දෙනකු සමූල ඝාතනය කිරීමට පැමිණි බව කියන සැකකරුවකු සහ ටී 56 ගිනි අවියක්, 38 වර්ගයේ ගිනි අවියක් සහ අත්බෝම්බයක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පවසයි.
දැනට ඩුබායි හි සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘ආමි චූටි‘ නැමැත්තා විසින් එම සමූල ඝාතන සැලසුම මෙහෙයවා ඇති බව පොලිසිය පවසයි.
‘ආමි චූටි‘ නැමැත්තා මීට වසර 5 කට පමණ තංගල්ල යුද හමුදා කඳවුරේ සේවය කිරීමෙන් අනතුරුව ඉන් පලාගිය පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
වැලිගම ප්‍රදේශයේ හෝටල් හිමියාගේ බාල සහෝදරයා විසින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක හරක් කටාට අයත් බව කියන හෝටලයකට ගොස් එම හෝටලයට පැමිණෙන විදේශ ජාතිකයන් තම සහෝදරයාගේ හෝටලයේ බීච් පාට සදහා එවන ලෙස තර්ජනය කර ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු තංගල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
එම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු පැනගොස් ඇති අතර ඒ සදහා ආධාර අනුබල දුන් සැකකරුවන් 8 දෙනකු පමණ අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
වැලිගම ප්‍ර දේශයේ මහල් 4 කින් යුත් හෝටලයක හිමිකරු ඇතුළු පවුලේ සියලුම දෙනා වෙඩි ඝාතනය කිරීමට කිසියම් කණ්ඩායමක් සැරසෙන බවට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට ලද තොරතුරක් මත ඕලුගල මහතා ඇතුළු විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මීට දින 3 කට පමණ පෙර වැලිගම ප්‍ර දේශයට පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණි.
2025 නොවැම්බර් මස 21
188
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1144
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පවුලක්ම මරන්න ආ වෙඩික්කරු මාට්ටු
කෞෂි Wednesday, 19 November 2025 08:14 PM
දෙගොල්ලොම හොඳ අය නෙවේ වගේ. තර්ජනය, වෙඩිතැබීම් සාමාන්‍ය එදිනෙදා රාජකාරි මේ අයට.
ජගතු ලියනගේ Wednesday, 19 November 2025 08:53 PM
පාතාලය නැති කරලම දාන්න ඕලුගල මහතා දරන උත්සාහයට අපගේ හදපිරි ප්‍රණාමය.
ගුණරත්න Thursday, 20 November 2025 12:30 AM
ඔය රෝසපාට ටී ෂර්ට් එකක් ඇඳන් ඉන්න රවුල් කාරයා නේද ? ඇයි මුට මාංචු දැම්මේ නැත්තේ ? මට මතක හැටියට බිබිලේ පෙට්‍රල් ෂෙඩ් එක ගිනි තිබ්බෙත් මූම තමයි.
C.K.Lankaputhra Thursday, 20 November 2025 05:45 AM
ඩුබායි සැඟව සිටි මාකදුරේ මදුශ්, කෙහෙල්බද්දර පද්මේ වැනි කුඩු ගෝඩ් ෆාදර්ලා අත්අඩංගුවට ගන්න අපේ පොලිසියට පුලුවන් උනානම් මේ කුඩු චුටිල වගේ කුඩු චුටි මල්ලිලාව අත් අඩංගුවට ගන්න බැරි පොලියේ මල්ලිලා හින්දද කියල සිරි ලංකා පොලිසිය අනේ අපට කියන්නකෝ.
Mahesh Thursday, 20 November 2025 09:28 PM
පාතාලය තුළ පොලිසියේ සක්‍රීය සේවයේ නියුතු පුද්ගලයින් සිටින බව පැහැදිලියි. නමුත් ඔවුන්ගේ අරමුණ සමස්ත සමාජයේ යහපැවැත්ම නම්, එය අපට ප්‍රශ්නයක් නොවේ. එහෙන් ගහන්න හදනකොට මෙහෙට ඔත්තුවක් එන්න තරම් පොලිසියට පාතාලය සමග සමීප සබඳතා තිබෙන බව පේනවා. පහුගිය කාලේ දේශබන්දු ඉන්නකොට සමහර වෙඩිතැබීම් සිදුකළ සැනින් අපරාධ කරුවන් අත්අඩංගුවට ගත්තේ ඒවැනි සබඳතා නිසා කියලා පසුව ඔප්පු වුණා.