(එස්. ඩී. කොඩිකාර)
ඌරුබොක්ක, කැටවලගම වැලිපතහේන නිවසක ඇති වූ පවුල් ආරවුලක් දුර දිග යාමෙන් දරුවන් දෙදෙනකු හා මුණුපුරකු එකතු වී පොල්ලකින් හා තේ පිහියකින් හිසට පහර සිය පියා ඝාතනය කර ඇතැයි ඌරුබොක්ක පොලීසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ (71) හැවිරිදි බෙරලපනාතර ,කැකුන්දෙණිය, කැටවලගම, වැලිපතහේන ලිපිනයේ පදිංචි තලවත්තගේ සිරිපාල නැමති දෙදරු පියකු බව පොලීසිය කියයි.
ස්වාමි පුරුෂයා හා බිරිඳ අතර නිවසේ දී ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ස්වාමි පුරුෂයා බිරිඳට පිහියකින් ගැසීමට උත්සාහ කිරීමේදී දරුවන් දෙදෙනා සහ මුණුපුරා පුරා එකතු වී පියාගේ බෙල්ලට ලණුවක් දමා ඔහු බිමට ඇද දමා පොල්ලකින් හා පිහියකින් හිසට ගසා මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලීසිය පවසයි .
පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 19,31,32 වයස් වල පසුවන බිරිදගේ පෙර විවාහයේ පුතෙක්, මිය ගිය පුද්ගලයාගේ පුතෙක් හා බිරිඳගේ පෙර විවාහයේ දියණියකගේ පුතකු පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර (71) හැවිරිදි මිය ගිය පුද්ගලයාගේ බිරිද ප්‍රදේශය හැර පලා ගොස් ඇති බව පොලීසිය පවසයි .
COMMENTS