
(පද්මා කුමාරී කංකානම්ගේ)
නොරොච්චෝල ලක් විජය බලාගරය ආසන්න මා දැල් වාඩියක කම්කරුවන් දෙදෙනෙකු මුහුදේ පාව ආ විදේශීය මත් පැන් යැයි සැක ද්‍රාවණයක් පානය කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර අසාධ්‍ය තත්වයේ පසු වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු පුත්තලම රෝහලට ඇතුළත් කොට ඇතැයි නොරොච්චෝල පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පුත්තලම පදිංචි මුණිසාමී විශ්වා (50 )සහ පුත්තලම පදිංචි වීර සිංහ ආරච්චිලාගේ තුෂාර සම්පත් හෙවත් ඩගා(40 )යන දෙදෙනාය.
රොහල් ගත කොට ඇත්තේ 4 කණුව,පුත්තලම පදිංචි කරුවන් දෙදෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දහ ජරාවක්ද? වසවිස වුණත් කමක් නැහැ. මුහුදේ පාවෙලා ආවොත් මත්පැන් කියලා හිතාගෙන බොනවා. අන්තිමට එළොව තමයි යන්න වෙන්නේ. බීමට තියෙන පෙරේතකමට කරගන්න දේවල්.
මොවුන් මේ තරම්ම අපරික්ෂාකාරී ද කියන එකයි ගැටළුව. මත්වතුරට තියෙන පෙරේතකම තව එකක්...
මෝඩකමට තවම බෙහෙතක් හොයාගෙන නෑනේ...